අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
 

භෞතික පසුබිම

අම්පාර දිස්ත්‍රික්කය වර්ග කිලෝ මීටර් 4431.4 කින් යුත් ‍අතර භෞතික පිහිටීම වනාත්තර සහිත වියලි ශගුණයක් පවති. සේනානායක සමුද්‍රය ප්‍රධාන වාරිමාර්ග පද්ධතිය වන අතර කුඩා වැවු රාශියකින් සමන්විත වේ. අම්පාර

දිස්ත්‍රික්කයේ සිමාමායිම්

උතුරින්            -  පොලොන්නරු හා මඩකලපු දිස්ත්‍රික් මායිමත්
දකුණින්           -  දකුණු පළාත් මායිමත්

බස්නාහිරින්     - මොනරාගල හා බදුල්ල දිස්ත්‍රික් මායිමත්

නැගෙනහිරින්  - මුහුදු තීරයත්

‍ඓතිහාසික පසුබිම

බුදු රජානම් වහන්සේ තෙවන වර ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දී ඓතිහාසික දිගාමඩුලු පුරවරයේ දිගාවැවට වැඩි බැව් ඓතිහාසික කරුණු අනුව පෙනීයයි. එදා දිගාවැව හඳුන්වන ලක්දේ පසුව ප්‍රසිද්ධිය‍ට පත් දීඝවාපිය වේ.

මුල්ම ආර්ය ජනපදයක් වූ දිගාමඩුල්ල පඩුවස් දෙව් රජුගේ කාලයේදී ජනාවාස වූ බවත්, පඩුවස්දෙව් රජයේ බිසවගේ සහෝදරයකු වූ දිර්ඝායු කුමරු විසින් දිඝායුගම ඇති කරන ලද බවත් කියවේ. මෙම දිගායුගම පසුකාලීනව දීඝවාපි, දිගාවැව හා දිගාමඩුල්ල ආදි ලෙසින් හඳුන්වා ඇති බැව් වංශ කථාවල දැක් වේ.

දිගාමඩුල්ල පිළිබඳව කරුණු සෙවූ පියසේන කහඳගම සූරීන් විසින් මහාවංශයට අනුව මෙම ප්‍ර‍දේශය පණුඩුකාභය රජ සමයේ දී අනුරාධපුරය රාජධානිය ය‍ටතේ පැවැති ප්‍රදේශයකයැයි අනුමාන කරනු ලැබේ. එහෙත් දේවානම්පියතිස්ස රජ සමයේ ද , (ක්‍රි.පූ.තෙවන ශතවර්ශය) රුහුණු නිදහස් රාජ්‍යයක්ව පවතින්නට ඇතැයි ද ඔහු තවදුරටත් කියයි. ඒ අනුව දිගාමඩුල්ල රුහුණු යටතේ පාලනය වූ ප්‍ර‍දේශයක් බවට සිතීමට අපට සිදු වේ.

කාවන්තිස්ස රජ සමයේදී ඔහුගේ කණිටු පුත් සද්ධාතිස්ස කුමරු දිගාමඩුල්ල‍ට එවන ලද බවත් , ඔහුට පැවරී තිබුණු ප්‍රමුකතම රාජකාරිය වුයේ ආර්ථික තත්වය ස්ථිරසාරව වැඩි දියුණු කිරීම බවත් ඉතිහාසික කරුණු අනුව පැහැදිලි වේ. ඔහු විසින් මෙහි කැඩී බිඳී තිබුණු සියළු වැව් ප්‍රතිසංස්කරණය කොට ඇල මාර්ග තනා කෘෂි කාර්මික අතින් දියුණු ප්‍රදේශයක් කළ බවද පැවසේ.

ඉන්පසු රජබවට පැමිණි බොහෝ රජදරුවන්ගේ බැල්ම මෙම ප්‍රදේශටය වැටුණු බවත්, ඒ අතර වළගම්බා රජු සිව්වන දප්පුල රජු සහ මහා පරාක්‍රමබාහු රජු වැදගත් වන බවත් කියවේ. සිව්වන දප්පුල රජු සමයේ දිගාමඩුල්ල ප්‍රදේශය දියුණු කෘෂි කාර්මික ප්‍රදේශයක් වූ බැව් කොන්ඩව‍ටවාන සෙල් ලිපිය අනුව පැහැදිලිව වේ. කොන්ඩවටවාන සෙල් ලිපිය අනුව පැහැදිලි වේ. කොණ්ඩවටවාන සෙල් ලිපියට අනුව කුඹුරුවලට ලබාගන්නා ජලය සඳහා අය බදු අයකළ බවත් අපතේ හරින ජලය සඳහා දඩ මුදල් අයකළ බවත් දැක්වේ (දැනට මෙය දිස්ත්‍රික් ලේකම් පරිශ්‍රයේ ඇත) මේ නිසා එදා ‍ඓතිහාසික දිගාමඩුල්ල දියුණු කෘෂි කාර්මික ප්‍ර‍දේශයක්ව පැවැති බැව් සැකයෙන් තොරව පළිගැනීමට අපට සිදු වේ.

දිගාමඩුල්ල ‍‍ඓතිහාසික සිද්ධස්ථානවලින්ද හෙබි ප්‍රදේශ‍යක් වේ. ඒ අතර බුද්ධංගල, රජගල, පියංගල, දීඝවාපිය, සමන්ගල, පබ්බත ගිරිය, පුළුකුණාව පුංචි සීගිරය.

එහෙත් මෙසේ දියුණු ශිෂ්ඨා‍චාරයකින් හෙබියාවූ ඓතිහාසික දිගාමඩුල්ලටද නරක කල දසාවක් පැමිණ බැව් පෙනී යයි. ‍ඒ ක්‍රි.ව .1505 දී මෙම දිවයිනට පෘතුගීසීන් ගොඩබැසීමෙන් පසුව ය. අභන්තර ආරවුල් තිබීම නිසා රජවරුන්ට දිගාමඩුල්ල කෙරෙහි අවධානය යොමු කිරීමට නොහැකිවීමත් එම ආරවුල් සඳහා දිගාමඩුල්ලෙන් සේනා ගෙන්වා ගැනීම නිසාත් මෙහි ඉතිරිව සිටි ජනතාවද ලංකාවේ නිරිතට සංක්‍රමණය වීම නිසාත් මේ ඓතිහිසික කලාපය ජනශූන්‍ය වියැයි කියනු ලැබේ.

ඉන්පසු ක්‍රි.ව.1818 කැරැල්ලෙන් පැරදී පලා ආ වෙල්ලස්සේ අමුත්තන්ගෙන් ඓතිහාසික දිගාමඩුල්ල ජනාවාස වන්නට වූ බවත් නැවතත් සිංහල සංස්කෘතිය මෙහි ඇතිවන්නටත් පටන්ගත් බවත් පෙනේ. ක්‍රි.ව. 1948 දී පමණ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමා විසින් ආරම්භ කළ ගල්ඔය ව්‍යාපාරට නිසා නැවතත් ඓතිහාසික දිගාමඩුල්ලට අරුණළු වැටෙන්න‍ට වූ බැව් ද මෙහිලා මතක් කළ යුතු වේ. ඒ නිසා ජනාවාස රාශියක් බිහිවී දියුණු කෘෂිකාර්මික ප්‍රදේශයක් බවට බත්වූ බවද සටහන් කළ යුතු වේ.

වෙල්ලස්සේ අමුත්තන් මෙහි  පැමිණ තනාගත් ගම් පැරණි ගම් ලෙස හඳුන්වන අතර මෙතෙක් උඩර‍ටට අයත් ප්‍රදේශයක්ව පැවැති දිගාමඩුල්ල ඇතුලත් ප්‍රදේශය ක්‍රි.ව.1833 දී ඉංග්‍රිසීන්ගේ පළාත් ‍බෙදීමට අනුව නැගෙනහිර පළාතට  අයත් විය. ක්‍රි.ව.1921 වනතෙක් මඩකළපුව දිසාපති වරයා යටතේ වූ දිගාමඩුල්ල ඇතුලත් ප්‍රදේශයේ සිංහග ගම් පාලනය කිරීම සඳහා ක්‍රි.ව. 1921 දී සිංහල පරිපාලන ඒකකයක් ලැබුණු බැව් ප්‍රකාශ ‍වේ. 1962 දී අම්පාර දිස්ත්‍රික්කය ඇතිකළ බැව් සඳහන් වේ.

 

 

 
 

 

 

 
 
     
Home Contact Us DS Portal English Tamil