|
|
|
|
|
|
|
|
|
| |
- ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලනය කාර්යක්ෂම කිරීම උදෙසා නිලධාරීන් 830 කගේ ක්‍රියාපිළිවෙත් අධීක්ෂණය කිරීම හා මාර්ගෝපදේශන ඉදිරිපත් කිරීම.
- දිස්ත්‍රික් අයවැය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන සැලසුම් සහගතව යොදවමින් රුපියල් මිලියන 340ක් වසර තුළ අපේක්ෂිත කාර්යයන් සදහා යොදවා දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු මෙහෙයවීම. (ප්‍රගතිය 96%)
- වාර්ෂික රැස්වීම් 68ක් පවත්වමින් කෘෂිකර්ම, නිවාස, පරිසර ආපදාවන් හා සම්බන්ධීකරණ කමිටු ක්‍රියාවන් අධීක්ෂණය කරමින් දිස්ත්‍රික් කමිටු මෙහෙයවීම.
- නිදහස් දිනය, වෙසක් දිනය, කාන්තා දිනය, හා දුම්වැටි දිනය ආදී පොදු උත්සව පවත්වා ප්‍රගතිය වාර්තා කරමින් පොදු උත්සව කටයුතු සංවිධානය කිරීම.
- ගොඩනැගිලි ඉදි කිරීම සදහා වෙන්කරන ප්‍රතිපාදන අදාළ කටයුතු සදහා වැය කරමින් නිරතුරු අධීක්ෂණය, ඉඩම් අත්පත් කර ගැනීම හා ප්‍රතිපාදන නිදහස් කරගනිමින් ගොඩනැගිලි ඉදිකිරීම.
- කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13හි ඇති උපත්, මරණ හා විවාහ සහතික ලක්ෂ 70ක් පරිලෝකණය කර පරිගණක ආධාරයෙන් කඩිනමින් නිකත් කිරීමට විධිවිධාන සැලසීම.
- දිස්ත්‍රික්කයේ නිළධාරීන් 800ක් සදහා ශ්‍රී ලංකා හා ජාත්‍යන්තර පරිගණක රියදුරු බලපත්‍ර ලබාදීම.
- දිස්ත්‍රික්කයේ නිලධාරීන් 240ට ආයතන කටයුතු ද 150ට ගිණුම් කටයුතු ද, 300කට දෙමළ භාෂාව ද ප්‍රගුණ කිරීමට පහසුකම් සැලසීම.
- 460,000 ක් ගෘහමූලික ලැයිස්තු ග්‍රාම නිලධාරීන්ලවා සම්පූර්ණ කරවීම. 240,000 ක් සදහා දත්ත පද්ධති සකස් කිරීම.
- කොළඹ දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සදහා තෝරාගත් විෂය කරුණු 18ක් සදහා පුරවැසි ප්‍රඥප්ති පිළිවෙල කොට ඒ අනුව ක්‍රියා කිරීම.
- කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සදහා වෙබ් අඩවියක් ස්ථාපිත කිරීම සදහා කටයුතු කිරීම හා නැණසල මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම.
- ඵලදායීතාව ඉහල මට්ටමක පවත්වාගෙන යාම හා ඊට නියමිත තරග සදහා ඉදිරිපත් වීම සදහා කාර්යාල කටයුතු සංවිධානය කිරීම හා මෙහෙයවීම.
- ගංවතුර හානි අවම කිරීමට විධිවිධාන සැලසීම හා ගං වතුර ආපදාවලට ලක් වූ අය වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම.
- පශ්චාත් සුනාමි කටයුතු අධීක්ෂණය.
|
|
|
|
|
|
| |
|
|
|
|
|
|
|