ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
 

භූගෝලීය පසුබිම

      වර්ග 1652 km ක විශාලත්වයෙන් යුත් ගාල්ල දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණයෙන් වර්ග කි. මි 35ක් ඡලාශ  වශයෙන් ද වර්ග කි.මී 1617 ක් ගොඩබිම් වශයෙන් ද පිහිටා ඇත. උතුරින් බෙන්තර ගඟෙන් ද දකුණින් හා බටහිරින් ඉන්දියන් සාගරයේ වෙරළ තීරයකින් ද නැගෙනහිරින් මාතර හා රත්නපුර දිස්ත්‍රික්කයට මායිම්ව  ගාල්ල දිස්ත්‍රික්කය පිහිටා ඇත. භූගෝලීය වශයෙන් විවිධ භූවිෂමතා ලක්ෂණ ගාල්ල දිස්ත්‍රික්කය තුළ දක්නට ඇත. මධ්‍යම කඳුකරයට නෑකම් කියන හිනිදුම්පත්තුව කදුකර භූ ලක්ෂණ වලින් ද, පහත රට තෙත් කලාපයට  අයත් වැසි වනාන්තර වලින්ද පෝෂණය වන ගංගා ඇල දොළ වලින් සමන්විත සෞම්‍ය දේශගුණික කලාපයක් තුළ ගාල්ල දිස්ත්‍රික්කය පිහිටා ඇත. වාර්ෂික දළ වර්ෂා පතනය මි. මීටර් 2000- 2500 ත් අතර වේ.  හිනිදුම් පත්තුවෙන් ගොන්ගල කන්දෙන් ආරම්භ වන ගිං ගඟ, නෙළුව, තවලම, නාගොඩ, බද්දෙගම හරහා කි.මී 113 ක් දුර ගෙවා වර්ග කි. මී 922 භූමි ප්‍රමාණයක් පෝෂණය කරමින් ගාල්ල ගිං තොටින් ඉන්දියන් සාගරයට එකතුවේ. පොල් අතු කන්දෙන් ආරම්භ වී කොස්ගොඩින් මුහුදුට එක් වන මාදු ගඟ ද ගාල්ල දිස්ත්‍රික්කයේ පාරිසරික සමතුලිත භාවය රැක ගැනීමට ඉවහල් වී ඇත.

ඓතිහාසික පසුබිම
 
දකුණු ලංකාවේ අග නගරය ලෙස ගාල්ල ලංකා ඉතිහාසයේ යුධමය වශයෙන් ද වැදගත් ස්ථානයක්  හිමි  කරගෙන ඇත.  ක්‍රි.ව 1072 දී පළමු විඡයබාහු රඡතුමා සොලීන් ගෙන් රට බේරා ගැනීමේ සටන් අරඹා ඇත්තේ හිනිදුම පත්තුවේ තඹල ගමින් බව වංශ කථාවල සඳහන්ව ඇත. එමෙන්ම දඹදෙණි මහපැරකුම් භා රඡ දවස සුගලා බිසව සමඟ සටන් ඇති වූයේ ගාල්ල ප්‍රදේශයේ බව වංශ කථාවල සඳහන්ව ඇත. මහ පැරකුම්බා රඡ දවස ගාල්ල වැදගත් තැනක් හිමිව තිබූ ගාල්ල පසු කාලීනව පෘතුග්‍රීසි ලන්දේසි සහ ඉංග්‍රී‍සි ඡාතිකයන්ට සිය අණසක පතුරුවාලීමට ක්ෂේම භූමියක්ව පැවත ඇත.
 
පුරාණයේ ගාල්ල ගිම්හතිත්ත (ගිංතොට)නමින් හදුන්වනු ලැබ ඇත. ගාල්ල යන නාමය ගාල යන අර්ථය ඇති ගාල් යන දෙමළ වචනයෙන් බිහිවූවක් බවත් විශාල ගල් පර හා කදුවැටි වලින් යුක්ත වූයේ යන අර්ථයෙන් ගාල්ල වී යයි ද විවිධ මතයන් පවතී.                 

සංස්කෘතික පසු බිම
 
අතීතයේ සිටම විවිධ අවස්ථාවන්හි දී බිහිවූ ගාලු පුත්‍රයන් නිසා සිංහල භාෂා ශාස්ත්‍ර ලෝකයට සිදුවූ සේවාව ඉමහත්ය. කෝට්ටෙ යුගයේ ලෝ පතල අධ්‍යාපන නිකේතනයක් ලෙස තොටගමුවේ විඡයබා පිරිවෙණින් මහ පඬිරුවන් ලොවට දයාද කර ඇත. අක්මීමණ ධර්මාරාම හික්කඩුවේ සුමංගල, මීගෙට්ටුවත්තේ ගුණානන්ද වැලිවිටියේ සෝරත වැනි පැවදි යතිවරයන් විසින් සම්භාව්‍ය සාහිත්‍ය කෘතීන් එලි දක්වන ලදී.  මාර්ටින් වික්‍රම සිංහ ,පී. එස් .ද. කුලරත්න පියසේන, කහඳගමගේ, රත්නශ්‍රී විඡේසිංහ වැනි කීර්තිමත් සාහිත්‍ය ධරයන් බිහිකිරීමටත්, මහාචාර්ය සෙනරත් පරණ විතාන  සිරිල් පොන්ම්පෙරුම, ඩී.ඡේ විමලසුරේන්ද්‍ර වැනි විද්වතුන් බිහිකිරීමටත් පාරම්පරික කලා ශිල්පයන්හි අගතැන්පත් ආරියපාල ගුරුන්නාන්සේ ද ගාලු පුරවරයෙන් ලොවට දයාද වී ඇත.
 
 
පුරාවිද්‍යාත්මක වැදගත් ස්ථාන
 
රාම රාවණා පුරාවෘත්තාන්තයට මුල් වී ඇති රූමස්සල කන්ද අදටත් දුර්ලභ ඖෂධ පැලෑටි වලින්  ගහනව ඇත.  බෙන්තොට ගලපාත විහාරය , කොස්ගොඩ රඡමහවිහාරය දොඩන්දුවේ කුමාර කන්ද කුමාර මහා විහාරය,  වදුරඹ මාබොටුවන ටැම්පිට විහාරය, ද තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැඩ විසූ අම්බන ගල් ගෙය ද ගාල්ල කොටු පවුර ද ගාල්ල දිස්ත්‍රික්කය තුල පුරා විද්‍යාත්මක වශයෙන් වැදගත් ස්මාරකයන්ව ඇත.
 
 
ගාල්ල   දිස්ත්‍රික්කයේ පරිපාලනය
 
 වර්ෂය ආරම්භයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 18 කින් සමන්විතව තිබී වර්ෂ අවසානයේ දෙසැම්බර් මසයේ දී ගෝනපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ස්ථාපිත කිරීමත් සමඟ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 19 ක් දක්වා ප්‍රාදේශීය පාලනයට වැඩි දියුණු විය. මහ නගර සභා එකකින් ද නගර සභා දෙකකින් ද ප්‍රාදේශීය සභා 17 කින් ද යුක්ත ගාල්ල දිස්ත්‍රික්කයේ මුළු ඡනගහනය  1058608 කි.  දකුණු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශය ඇතුළු සියලු පළාත් සභා  අමාත්‍යාංශ ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රකොට ස්ථාපනය වී ඇත.

 
 
     
Home Contact Us DS Portal English Tamil