ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
 

  ප්‍රවෘත්ති සහ සිදුවීම්

ජාතික ඵලදායීතා ප්‍රථම ස්ථානය (අන්තර් දෙපාර්තමේන්තු) පළමු වතාවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකට හිමි වේ.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් අශෝක ජයසේකර මැතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය මෙවර ජාතික ඵලදායීතා ප්‍රථම ස්ථානය දිනාගන්නා ලදි. 
මෙහි විශේෂත්වය නම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක් ප්‍රථම වතාවට මෙම සම්මානයෙන් පිදුම් ලැබීමයි. 
සුපිරිසිදු රාජ්‍ය සේවයක් සඳහා වඩාත් කැපවෙන්නෙමු. යන්න අපේ ඵලදායීතා වැකියයි. 

දකුණු පලාත් ඵලදායිතා ප්‍රථම ස්ථානය මෙවරත් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයෙන් සංවිධානය කරනු ලබන ජාතික ඵලදායිතා සම්මාන 2006 වැඩසටහන යටතේ දකුණු පළාත් අන්තර් දෙපාර්තමේන්තු අතර ප්‍රථම ස්ථානය දිනාගැනීමට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමත් වී ඇත.
පසුගිය 24 වන දින මාතර සමුපකාර මන්දිරයේදී පැවති දකුණු සහ බස්නාහිර පලාත් ඵලදායිතා සම්මාන උළෙලේදී ගරු කම්කරු සබඳතා හා මිනිස් බල අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මැතිතුමා අතින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් අශෝක ජයසේකර මැතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය සම්මාන ලබා ගන්නා ලදි.

හොල් ඩි ගොල් ශාලාව නවීකරණය වෙයි

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා තිබූ හෝල් ඩි ගෝල් ශාලාව නවීන පහසුකම් යටතේ අලුත්වැඩියා කර ඇත.
වායු සමනය කරන ලද මෙම ශාලා‍වේ ආසන 600 කට ඉඩ පහසුකම් ලබා දී ඇත.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය

2006 වර්ෂයේ  නොවැම්බර් මස අන්තර්ජාලයට එක් කරන ලද වෙබ් අඩවිය නැවත 2007 අගෝස්තු 01 දින සිට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ යාවත්කාලීන කර ඇති අතර එය නව මුහුණු වරකින් ජනතාවට දැක ගැනීමට සලස්වා ඇත.
දිස්ත්‍රික්කයෙන් ලබා ගත හැකි සේවවාන් හා තොරතුරැ විශාල ප්‍රමාණයක් මෙහි ඇතුලත් වී ඇත.

විනාඩි 05 න් උප්පැන්න පිටපත

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විනාඩි 05 න් උප්පැන්න පිටපත ලබා ගැනීමේ අවස්ථාව ගාලු දිස්ත්‍රික් ජනතාවට දැන් උදා වී ඇත.  පසුගියදා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ගරැ අමාත්‍ය කරැ ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම කටයුත්ත ආරම්භ විය.

 
 
     
Home Contact Us DS Portal English Tamil