ශ්‍රී ලංකාවේ ගිණිකොණ දෙසින් පිහිටි හම්බන්තොට දිස්ත්‍රික්කය, වර්ග කි. මී. 2625.50 ක විශාලත්වයකින් යුක්ත වේ. මුලු දිවයිනෙහි වර්ග කි.මී. 65605 ක භූමි ප්‍රමාණයෙන් 1 25 ක් පමණ කොටසක් මෙම දිස්ත්‍රික්කයට අයත් වේ. දිස්ත්‍රික්කයේඋපරිම දිග කි.මී. 106 ක් වන අතර, එය බටහිරින් රිලාගල සිට නැගෙනහිරින් කුමන දක්වා වේ. උපරිම පළල කි.මී. 39 කි. එය උතුරෙන් හිගුරකන්දේ සිට දකුණින් වැල්ලද්දර ගොඩ දක්වා විහිදී පවතී.
විශාලත්වයෙන් දොළොස්වන ස්ථානය ලබා ඇති මෙම දිස්ත්‍රික්කයේ මුලු භූමි ප්‍රමාණයෙන් ව.කි.මී. 29.8 ක් අභ්‍යන්තර ජලාශ වලින් වැසී ඇත.
උතුරින් හා ඊසාන දිගින් :- කතරගම කදුවැටි වලින් ද,
නැනෙහිරින් :- කුඹුක්කන් ඔයෙන් ද,
දකුණින් :- ඉන්දියන් සාගරයෙන් ද,
බටහිරින් :- නාගල කන්ද, කොටිහේන, කෑරකැළේ, අබන්ගල,
දෙනිය කන්ද හෙල් වලින් ද,
වයඔ දිගින් :- බුලුතොට හෙල් වලින් විහිදෙන පාවුල් වැටි වන, පනිල්
කන්ද, ගොන්ගල, කබරගල කදු වලින් ද, වලින් ද,
වටවී තිබේ.
දිස්ත්‍රික්කය තළ පිහිටි ප්‍රධාන ඛනිජ වර්ග
Alluvium Graphite
Quartz Linier Quarts
Humbled Biotitic Gneiss Hot Spring
Granite Gneiss Miocene Limestone
Cham kites Amphibolites
Calc Gneiss Mineral Sands
Crystalline Limestone Gem Bring Areas
Sedimentary Rocks Zircon Granite
දිස්ත්‍රික්කය තළ පිහිටි වනාන්තර ප්‍රමාණය
වනාන්තර වර්ගය
| හෙක්ටයාර ප්‍රමාණය
|
පහත රට වැසි වනාන්තර
| 207.0
|
තෙත් මෝසම් වනාන්තර
| 570.3
|
වියලි මෝසම් වනාන්තර
| 18218.7
|
ගංගාධාර වනාන්තර
| 3709.9
|
කඩොලාන
| 492.0
|
වන අඩවි 03 ක් ඇත
1. හම්බන්තොට
2. තිස්සමහාරාමය
3. වලස්මුල්ල
දිස්ත්‍රික්කයේ ජල සම්පත්
දිස්ත්‍රික්කය තළින් ගලා බසින ප්‍රධාන ගංගාව වනුයේ වලවේ ගගයි
ඔයවල් 18 ක් හා
ප්‍රධාන කලපු වරායන් සහ ලේවායන් 27 ක් පවතී