|
|
|
|
|
|
|
|
|
භූගෝලීය පිහිටීම කළුතර දිස්ත්‍රික්කයේ සාපේක්‍ෂ පිහිටිම සලකන විට උතුරින් කොළඹ දිස්ත්‍රික්කයටත්, නැගෙණහිර රත්නපුර දිස්ත්‍රික්කයටත්, දකුණින් ගාල්ල දිස්ත්‍රික්කයටත්, බටහිරින් සාගරයටත් මායිම් වේ. එහි නිරපේක්‍ෂ පිහිටිම දළ වශයෙන් උතුරු අක්‍ෂාංශ 60 191 3011 – 60 491 3011 සහ නැගෙණහිර දේශාංශ 790 511 3011 – 800 221 4511 වශයෙන් දැක්විය හැකිය. කළුතර දිස්ත්‍රික්කයේ දකුණු සීමාව ඇරඹෙන්නේ බෙන්තොට ගං මෝයෙනි. එතැන් සිට බෙන්තොට ගඟ දිගේ කි.මී. 40 ක් පමණ රට අභ්‍යන්තරයට ගමන්කරන දිස්ත්‍රික් මායිම ගඟෙන් වෙන් වී ගිණිකොන දිශාවට ගමන් කරයි. හේ කොත් කඳු මුදුන හරහා යළි උතුරු දෙසට හැරි අව්වේගල කන්ද පසුකර යළි නැගෙණහිර දෙසට ගමන් කර රත්නපුර හා ගාල්ල දිස්ත්‍රික් මායිම් මුණගැසෙන ස්ථානයට පැමිණෙයි. එය පිහිටා ඇත්තේ සිංහරාජ රක්‍ෂිතයේ ඇති දොතළුගල කන්දට ආසන්නවය. මගුරු ගඟේ මවු දියතු ඇරඹෙන්නේ මෙම ප්‍රදේශයෙනි. එතැන් සිට රත්නපුර දිස්ත්‍රික් මායිමට බැඳෙමින් වයඹ දිග්ව ගමන් කර කළුතර දිස්ත්‍රික්කයට අයත් උසින් වැඩිම කඳු පන්තීන් හරහා ගමන් කරයි. තිකෙල් කන්ද, දෝතලන් කන්ද, රුසිගල, දළුක්ගල හරහා විත් හලුකිර දොල ඔස්සේ කුකුළු ගඟ දක්වා ටික දුරක් පැමිණ යලි වයඹ දිග්ව ගමන් කරයි. කෝරලේ ඇල ඔස්සේ ගමන් කර ඉංගිරියට කි.මී.4 ක් පමණ නැගෙණහිරින් කළු ගඟ හරහා උතුරු දෙසට ගමන් කරන දිස්ත්‍රික් මායිම මඩකඩ රක්‍ෂිතයේ ඊසාන මායිමේ දී කොළඹ දිස්ත්‍රික් මායිම හා සම්බන්‍ධ වේ. එතැන් සිට බටහිර දෙසට ගමන් කර පාදුක්කේ දී යලි දකුණු දිග්ව ගොස් යලිත් උතුරු දෙසට ගමන් කර හිරණ ප්‍රදේශයේ දී බොල්ගොඩ ගඟට සම්බන්‍ධ වේ. ඒ ඔස්සේ ගමන් කර පානදුර මෝය තෙක් යමින් දිස්ත්‍රික්කයේ උතුරු සීමාව සටහන් කරයි. මෙසේ කළුතර දිස්ත්‍රික්කය ආවරණය කරන සමස්ත භූමි ප්‍රමාණය වර්ග කි.මී. 1606.57 කි. දළ වශයෙන් වර්ග කි.මී.එකකට පුද්ගලයින් 644 දෙනකු අයත් වෙයි. ඓතිහාසික තොරතුරු කළුතර දිස්ත්‍රික්කය සාඩම්බර ඉතිහාසයකට උරුම කම් කියයි. අතීතයේ පළාත් වශයෙන් කොටස් 5 කට බෙදා තිබූ බව සඳහන් වන අතර,කළුතර තොටමුණ, පානදුර තොටමුණ, නැගෙණහිර පස් යොදුන් කෝරලය, බටහිර පස් යොදුන් කෝරලය හා රයිගම් කෝරළය මීට අයත්වේ. ශ්‍රී ලංකාව රුහුණු,පිහිටි,මායා නමින් පාළනය වූ අවවධියේ මායා රටට අයත්ව පස් යොත්ත යනුවෙන් හැඳින්වුන බව සඳහන් වේ.
“පසළොස් වැනි වැ පස් යොත්ත නම් වූ රාජ්‍ය දිගින් පුළුලින් පස් යොදුන්, වටින් විසි යොදුන් මැදි වූ රට පස් යොත්ත යැයි කියා නම් ලද එරට වනාහි පස් යොදුනේ ගව්වෙන් ගව්වට කඩඉම් ලකුණු කෙටූ ගලකඩ වලින් පළමු සැදුම් ලද දෙවන දහසක් මහා නියම් ගමින් යුක්ත යැ එපමණ මහ පටුනු - ගමින් යුක්ත හෙයින් දෙනවක් පස් රට යැයි නම් ලද” (සිරිලක් කඩඉම් පොත)
කළුතර යන නාමය බිහිවීම පිළිබඳව ද අතීත සාධක කිහිපයක් හා ඵෙතිහාසික මත කිහිපයක් දැනගන්නට ඇත. මේ අතර කාල තිත්ථ යනුවෙන් කළුතොට කළුතර වූ බව සඳහන්ය. අතීතයේ කළුගඟේ තොටුපල විශේෂ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස සැලකු හෙයින් මෙලෙස කාලතීර්ථ කළුතොට කළුතර වූ බව සඳහන් වේ. කළුතර දිස්ත්‍රික්කයේ රයිගම ප්‍රදේශය ද ඵෙතිහාසික වශයෙන් වැදගත්ය. කෝට්ටේ රජකල හයවැනි පරාක්‍රමබාහු රජතුමා ප්‍රාදේශීය රජකු වශයෙන් ප්‍රථමයෙන්ම අභිෂේක ලැබුවේ ද රයිගම් ප්‍රදේශයේ බව කියැවේ.
1551වන විට ප්‍රැන්සිස්කන් පූජකවරු පිරිසක් ධර්ම දූත කාර්යයන් සඳහා කළුතර පැමිණ ඇති අතර, කෝට්ටේ රාජධානියට අමතරව ලංකාවේ දේවස්ථාන ගොඩනැගුණු පළමු දිස්ත්‍රික්කය වශයෙන් ද, කළුතර හැදින්විය හැකිය. 1551 දී බුවනෙකබාහු රජුගේ මරණින් පසුව දොන් ජුවන් ධර්මපාල කුමරා රජ විය. දොන් ජුවන් ධර්මපාලගේ පියා වූ වීදිය බණ්ඩාර පෘතුගීසින් විසින් සිරකර තැබූ අතර, ඉන් පැනගත් ඔහු කළුතර තොටුපල ගිනිබත් කල බව ද කියැවේ. මේ සමගම දේවස්ථානය ද ගිනිබත් විය. පසුව මායාදුන්නේට විරුද්ධව නැවත පෘතුගීසින් වීදිය බණ්ඩාර සමඟ එක්වීම නිසා දේවස්ථානය ගොඩනැගිමට හැකි විය. මායාදුන්නේ ද, පෘතුගිසින් හා එක්ව විදිය බණ්ඩාරයන්ට එරෙහිව ක්‍රියා කරන්නට විය. නැවත වතාවක් වීදිය බණ්ඩාර විසින් දේවස්ථානය විනාශ කරන්නට ද මෙය හේතු වූ අතර, මේ කාලයේ ඔහුගේ වාසස්ථානය "පෙලෙන්ද" ප්‍රදේශය වශයෙන් තෝරාගෙන තිබූ බව සඳහන්ය.
මායාදුන්නේ සමඟ කළ සටනින් කෝට්ටේ රාජධානිය අත්හැර යාමට පෘතුගීසින්ට පසු කලෙක සිදු විය. ඔවුන් කළුතර ප්‍රදේශය අතහැර දමා කොළඹට පැමිණි අතර, කළුතර නැවත වතාවක් මායාදුන්නේ යටතට පත්විය. මායාදුන්නේගේ පුත් රාජසිංහ කුමරු කොළඹ කොටුවට පහර දීමට යාම නිසා නැවත වාරයක් පෘතුගිසින් කළුතර තොටුපල කෝට්ටේ රාජධානිය යටතට පත්විය. එය පෘතුගිසින් විසින් නැවත පාලනය කරන ලදි.
කළුතර ප්‍රදේශයේ වූ අවසන් සංග්‍රාමය උඩුනුවර ප්‍රදේශයේ දී සිදුවිය. මුදලියර් ඩෙමිනිගොස්ගේ හමුදාව පෘතුගීසින්ට පක්‍ෂපාතව සිටි මුදලිර් සමරකෝන් සමග ඇතිවූ තියුණු සංග්‍රාමයට අනතුරුව 1597 දී ධර්මපාල රජුගෙන් අනතුරුව මුළුමනින්ම කළුතර පෘතුගීසි පාලනයට යටත් විය. ලන්දේසි පැමිණිමෙන් අනතුරුව ද කළුතර පුරවරය පිළිබඳ ඓතිහාසික සිදුවීම දක්නට ලැබිණ. ලන්දේසීන්ට මුහුණ දීමට හා බලය ආරක්‍ෂා කර ගැනිමට පෘතුගිසිහු කළුගඟ යාබදව බලකොටුවක් ඉදිකල අතර, හදිසි කැරැල්ලක් නිසා මෙම බලකොටුව විනාශයට පත්වීමටත් අනතුරුව නැවත වාරයක් පෘතුගිසිහු එය ගොඩනැගීමටත් කටයුතු කළ බව සඳහන් වේ. එම බලකොටුව වටා දිය අගලක් පවා නිර්මාණය කරන ලදැයි ඉතිහාසයට අනුව පෙනේ.
ක්‍රමයෙන් පෘතුගීසි බලය හීනවී යාමත් සමග 1645 දී පෘතුගිසින් හා ලන්දේසින් අතර ගිවිසුමක් ඇතිකර ගන්නා ලදි. නමුත් 1652 වන විට ලන්දේසි බලය වර්ධනය වෙමින් කළුතර, අඟුරුවාතොට ප්‍රදේශ ලන්දේසින් විසින් අල්ලා ගන්නා ලදැයි සැළකේ. මේ කාලයේ දී ලන්දේසීන් දියගම හා අගුරුවතොට කදවුරු බැඳගත් නමුත් පෘතුගිසි ෆෙයුජරා නම් සොල්දාදුවෙක් අඟුරුවාතොටට පැමිණ යුද්ධ කර ලන්දේසීන් කළුතර දක්වා පසුබස්වා ඇත.
මේ වනවිට ලන්දේසි ආක්‍රමණ නිසා දියගම දී කඳවුරු බැඳගැනිමට පෘතුගිසින්ට සිදුවිය. ගාල්ල ලන්දේසි හමුදාවට සහයෝගය දීම පිණිස ලන්දේසිහු ගාල්ලට යාමට තිරණය කිරිම හේතුවෙන් පෘතුගිසින්ට නැවත වතාවක් කළුතර හිමි විය. පෘතුගිසි පාලනය අවසන් වෙමින් ද, ලන්දේසි යුගය අවසන් වෙමින් ද, ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත්වීමෙන් අනතුරුව පවා කළුතර ප්‍රදේශය පිළිබද සැළකියයුතු වාර්තා ඇත. ඉංග්‍රිසින් පවා කළුතර මනරම් ප්‍රදේශයක් ලෙස දකිමින් මෙම ප්‍රදේශයට මහත් රුචිකත්වයක් දක්වා ඇතිබව දක්නට ලැබේ.
අංක 9 දරණ ආඥා පණත යටතේ 1878 කළුතර නගරය ප්‍රථම වරට ප්‍රාදේශීය නිදහස් පාලන ක්‍රමයක අයිතිය ලැබීම සමග කළුතර නගර සභා ආරම්භය සිදුවිය. අනතුරුව 1923 පලාත් පාලන ආයතනයක් බවට පත්වූ අතර, මෙතැන් පටන් මහජන නියෝජිතවරුන්ගේ සේවය මුල්කොට ගෙන ප්‍රදේශය දියුණුවට පත් වී ඇත. ලංකාව නිදහස ලැබීමෙන් අනතුරුව මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් ප්‍රදේශයට අද පවතින සංවර්ධනය හිමිකර ගැනිමට හැකියාව ලැබී තිබේ.
කළුතර දිසා කොඩිය මෙය හොරණ රජමහා විහාරයේ සඳකඩ පහණක ඇති රෑප සටහනක් ඇසුරින් සකස් කරගන්නා ලදි. මින් දැක්වෙන්නේ නාගයකු මුවින් ගත් පක්‍ෂියෙකුගේ රූපයකි. පක්‍ෂියා ගුරුලකු හෝ මොණරෙකු විය හැකියැයි මතයක් ද ඇත. මේ පිළිබඳව නිශ්චිත නිගමනයක් නැති නමුත් මෙම රූප සටහන මගින් සුරාසුර යුද්ධය නිරූපනය කරණ බවත් ජයග්‍රහණය සංකේතවත් කරන බවත් සැළකේ. කොඩියේ පසුබිම රත් වර්ණයෙන් යුතු අතර, කහ වර්ණයෙන් පක්‍ෂියාගේ හා නාගයාගේ රුව නිර්මාණය වී ඇත්තේ එහෙයිනි. කළුතර දිස්ත්‍රික්කයේ දකුණු සීමාව ඇරඹෙන්නේ බෙන්තොට ගං මෝයෙනි. එතැන් සිට බෙන්තොට ගඟ දිගේ කි.මී. 40 ක් පමණ රට අභ්‍යන්තරයට ගමන්කරන දිස්ත්‍රික් මායිම ගඟෙන් වෙන් වී ගිණිකොන දිශාවට ගමන් කරයි. හේ කොත් කඳු මුදුන හරහා යළි උතුරු දෙසට හැරි අව්වේගල කන්ද පසුකර යළි නැගෙණහිර දෙසට ගමන් කර රත්නපුර හා ගාල්ල දිස්ත්‍රික් මායිම් මුණගැසෙන ස්ථානයට පැමිණෙයි. එය පිහිටා ඇත්තේ සිංහරාජ රක්‍ෂිතයේ ඇති දොතළුගල කන්දට ආසන්නවය. මගුරු ගඟේ මවු දියතු ඇරඹෙන්නේ මෙම ප්‍රදේශයෙනි. එතැන් සිට රත්නපුර දිස්ත්‍රික් මායිමට බැඳෙමින් වයඹ දිග්ව ගමන් කර කළුතර දිස්ත්‍රික්කයට අයත් උසින් වැඩිම කඳු පන්තීන් හරහා ගමන් කරයි. තිකෙල් කන්ද, දෝතලන් කන්ද, රුසිගල, දළුක්ගල හරහා විත් හලුකිර දොල ඔස්සේ කුකුළු ගඟ දක්වා ටික දුරක් පැමිණ යලි වයඹ දිග්ව ගමන් කරයි. කෝරලේ ඇල ඔස්සේ ගමන් කර ඉංගිරියට කි.මී.4 ක් පමණ නැගෙණහිරින් කළු ගඟ හරහා උතුරු දෙසට ගමන් කරන දිස්ත්‍රික් මායිම මඩකඩ රක්‍ෂිතයේ ඊසාන මායිමේ දී කොළඹ දිස්ත්‍රික් මායිම හා සම්බන්‍ධ වේ. එතැන් සිට බටහිර දෙසට ගමන් කර පාදුක්කේ දී යලි දකුණු දිග්ව ගොස් යලිත් උතුරු දෙසට ගමන් කර හිරණ ප්‍රදේශයේ දී බොල්ගොඩ ගඟට සම්බන්‍ධ වේ. ඒ ඔස්සේ ගමන් කර පානදුර මෝය තෙක් යමින් දිස්ත්‍රික්කයේ උතුරු සීමාව සටහන් කරයි. මෙසේ කළුතර දිස්ත්‍රික්කය ආවරණය කරන සමස්ත භූමි ප්‍රමාණය වර්ග කි.මී. 1606.57 කි. දළ වශයෙන් වර්ග කි.මී.එකකට පුද්ගලයින් 644 දෙනකු අයත් වෙයි.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|