කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
 

ජනගහන ලක්ෂණ
 



1.1       ජනගහන ප්‍රමාණය, වර්ධනය සහ ඝනත්වය.

කළුතර දිස්ත්‍රික්කයේ මුළු ජනගහනය 1,066,239 කි. වර්ෂ 1981 හා 2001 අතර ජනගහනයේ සංඛ්‍යාලේඛණ අතර වැඩිවීම පුද්ගලයන් 236,535 හෝ 28.8% ක ප්‍රතිශතයකි. ඉහත කාල පරිච්ඡේදය තුල දිස්ත්‍රික්කයේ වර්ධන අනුපාතය වර්ෂයකට 1.2%කි. ඉහලම ජනගහනය වාර්තා වි ඇත්තේ පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වන අතර එය 163,492 කි. මදුරාවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ජනගහනය 29,750 ක් වන අතර අවම ජනගහනයක් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වන්නේද එයයි. කළුතර දිස්ත්‍රික්කයේ නගර සීමාව, පානදුර නගර සභාව, හොරණ නගර සභාව, කළුතර නගර සභාව සහ බේරැවල නගර සභාව යන නගර සභා වලින් සමන්විත වේ. නාගරික ප්‍රදේශයේ ජනගහනය 113,188 වන අතර එය මුළු ජනගහනයෙන් 10.6% ක ප්‍රතිශතයකි.
කළුතර දිස්ත්‍රික්කයට වර්ග කිලෝමීටර් (වර්ග කි.මි.) 1,576 ක භූමි ප්‍රමාණයක් ඇත. එයට වර්ග කි.මි. යට පුද්ගලයන් 611 ක් වන ජන ඝනත්වයක් ඇත. වර්ෂ 1981 සංඛ්‍යාලේඛණ වලට අනුව එම අගය වර්ග කි.මි. 1 ට පුද්ගලයන් 516 ක් විය. නාගරික ප්‍රදේශයේ ජන ඝනත්වය වර්ග කි.මි. 1 ට 4,716 කි.

1.2       වයස්, ස්ත්‍රි, පුරුෂ සංයුතිය

ජනගහනයක වයස් ස්ත්‍රී පුරුෂ සංයුතික මගින් විස්තර වනුයේ, විවිධ වයස් ප්‍රමාණ වලින් හා ස්ත්‍රී පුරුෂ භාවය අතින් මිනිසුන් විසිරී ඇති ආකාරයයි. මෙය තීරණය කරනු ලබන්නේ, ජනගහන වෙනස්විමේ සාධක වන සරුබව, මරණය හා සංක්‍රමණයේ පසුගිය නැමියාවන් මගිනි. කළුතර දිස්ත්‍රික්කය සඳහා වන වයස් පිරමිඩය 1 වන රූපසටහන මගින් දැක්වේ. එමගින් වයස අවුරුදු 5 කණ්ඩායම හා ස්ත්‍රී පුරුෂත්වය විසිරී ඇති අන්දම දැක්වේ.

වයස් පිරමිඩයේ දක්නට ලැබෙන එක් ප්‍රධාන ලක්ෂණයක් වනුයේ ආසන්නම වයස් ඛාණ්ඩ සමඟ සංසන්දනය කිරීමේදී වයස අවුරුදු 20 ට අඩු ජනගහනයේ ක්‍රමානුකූල අඩුවීමක් වයස 0-4 ක් අතර කණ්ඩායමේ කුඩා වැඩිවීමකුත්ය. ජනගහනයේ පහත වැටීම ප්‍රධාන වශයෙන් සරුබව අඩුවීමේ මට්ටම් වලට අනුකූලව සිදුවූවකි. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය සඳහා උපරිම ජනගහනයක් දැකිය හැකි වන්නේ අවුරුදු 20 ත් 24 ත් අතර වයස් ඛාණ්ඩ වලය. නමුත් වර්ෂ 1981 දී මෙම උපරිමය වාර්තා වූයේ වයස 0-4 වයස් ඛාණ්ඩය සඳහාය. ජනගහනය පහසුව සඳහා පුළුල් වයස් කණ්ඩායම් තුනකට බෙදා තිබේ. ඒවා නම් බාල (අවු. 0-14), රාජකාරියක් කළ හැකි වයස ( අවු. 15-59) සහ මහළු වයස ( අවු. 60 සහ වැඩි) මෙම වයස් ඛාණ්ඩ වල ප්‍රතිශතයන් ඊට අනුරූපව පවතින 1981 වර්ෂයේ දත්තද සමගින් (අ) වගුවෙන් දක්වා ඇත.

 

 
 
     
Home Contact Us DS Portal English Tamil