|
|
|
|
|
|
|
|
|
|
මහනුවර දිස්ත්‍රික්කය මාතලේ,නුවර එලිය, බදුල්ල , කුරුණැගල හා කෑගල්ල යන දිස්ත්‍රික්කවලින් මායිම්ව පිහිටා ඇත. ඓතිහාසික, ආගමික හා සංස්කෘතිකමය මෙන්ම ආර්ථිකමය වශයෙන්ද මහනුවර දිස්ත්‍රික්කයට සෙසු දිස්ත්‍රික්ක අතර හිමිවන්නේ වැදගත් තැනකි. ලෝකවාසි බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බදු ශ්‍රි දාළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගය, ඉපැරණි කලාශිල්ප ලොවට කියාපාන ගඩලාදෙණිය අම්බැක්ක වැනි විහාර දේවාල, ලොව සුපතල පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා පේරාදෙණිය උද්භිද උද්‍යානය පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කය තුලය. මහනුවර නගරය ලෝක උරුම නගරයක් ලෙස නම් කොට ඇති අතර මහවැලි නදියෙන් පෝෂණය වී රටට ජල විදුලිය සපයන වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැබේ, ජලාශ පිහිටා ඇත්තේද මහනුවරය. මෑත කාලයේ වැඩි අවධානයකට ලක් වු අම්බුළුවාව ජෛව විවිධත්ව සංකිර්ණය මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොල පුදේශයේ පිහිටා ඇත. දිස්ත්‍රික්කයේ පවතින ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය ලෙස සලකන දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ පරිපාලනය වන ප්‍රාදේශිය ලේකම් කාර්යාල 20 ක් හා ග්‍රාම නිලධාරි කාර්යාල 1188ක් පවති. මෙම ආයතනවල සෘජු අධික්ෂණය හා පරිපාලනය සිදු කරන අතර රජයේ වෙනත් අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සංස්ථා මංඩල අධිකාි හා රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතන සමගද නිරන්තර සමිබන්ධිකරණයෙන් යුතුව කටයුතු කරමින් දිස්ත්‍රික්කයේ තිරසාර සංවර්ධනය සාක්ෂාත් කරගැනීමට කටයුතු කරයි. දිස්ත්‍රික්කයේ විශාලත්වය ව.කි.මී.
| 1906.3
| ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ
| 20
| ග්‍රාම නිලධාරි වසම්
| 1188
| ගම්
| 2758
| මධ්‍ය වාර්ෂික ජනගහනය (2006 ඇස්තමේනතුගත)
| 1344605
| උපත් අනුපාතය
| 22.8
| මරණ අනුපාතය
| 6.9
| ගෘහ ඒකක ජනගහනයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ දරිද්‍රතා දර්ශකය
| 25.0
| දරිද්‍රතාවයෙන් පෙලෙන ජනගහනය
| 281523 පමණ වේ
| දරිද්‍රතා දර්ශකය වැඩිම ප්‍රාලේ කොට්ඨාශ ලෙස 1.මිනිපේ 2.උඩදුම්බර 3.දෙලතොට | 37.5 37.5 34.0
| මහනුවර ඉතිහාසය
සිංහලයේ අවසන් රාජධානිය ලෙස සැලකෙන වත්මන් මහනුවර එවක හදුන්වන ලද්දේ සෙංකඩගලපුර නමිනි. ස්වාභාව සෞන්දර්යයෙන් සෞම්‍ය දේශගුණික තත්වයෙන් මෙන්ම ඉහළම සංස්කෘතික වටිනාකම් පද්ධතියකින්ද සමන්විත මෙම ප්‍රදේශය සකල ලෝකවාසී බෞද්ධයන්ගේ මහාර්ඝ වස්තුව වන ශ්‍රි දළදා වහන්සේ වැඩ හිදින ශ්‍රි දළදා මාළිගාව නිසාම පුජනීය වශයෙන්ද අතිශයින් වැදගත් නගරයකි. මේ නිසාම අද ලෝක උරුම නගරයක් ලෙස මහ නුවර නගරය නමි කොට තිබේ. අතිශයින් ආරක්ෂිත රාජධානියක් ලෙස මේ පුරවරය සොබාදහම විසින් නිමවා ඇති සෙයක් දිස්වේ. මහනුවර රාජධානිය විශේෂයෙන්ම සොබාදහමේ අපුරු නිර්මාණයකි. ස්වභාවයෙන්ම මහනුවර රාජධානියට ලැබි ඇති ගිරි දුර්ග, වන දුර්ග ජල දුර්ග නිසාම මෙම රාජධානිය ඉතිහාසයේ අතිශයින්ම සුරක්ෂිත රජ දහන ලෙස හැදින්වේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලෙස ගත්විට මහනුවර නගරය කඩවත් සතර සහ ගගවට කෝරළ ලෙස හැදින්වෙන්නේද ස්වභාවික ජලදුර්ගයක් වන මහවැලි ගග මහනුවර රජ දහන වටා වළල්ලක ආකාරයෙන් පිහිටා ඇති බැවිනි. මහනුවර යුගයේදී විශේෂයෙන්ම නගර වටා පිහිටි අනෙක් ආරක්ෂක පවුර වුයේ ඝණ වනාන්තරයයි. හන්තාන, බහිරව කන්ද වැනි කදු සහිත වනාන්තර මෙන්ම ඝණ වනාන්තර ලෙස එදවස පැවති හේවාහැට කදු පන්තිය මහනුවර රාජධානියට ආරක්ෂාව සැලසු ස්වභාවික දායද ලෙස සැලකිය හැකිය.
මහනුවර (සෙංකඩගලපුර) සම්බන්ධ ජනප්‍රවාද සෙංකඩගල පුර හෙවත් වත්මන් මහනුවර රාජධානියේ ආරම්භ පිළිබද විවිධ ජනප්‍රවාද පවති. මහනුවර රාජධානියේ මුල්නාමය ලෙස සැලකෙන්නා වු සෙංකඩගල යන්නෙහි තේරුම හා එය එසේ ඇරඹි දින වකවානු පිළිබද නිශ්චිත තොරතුරු දුලබය. ශ්‍රි වර්ධනපුර නමින් ද මෙය හදුන්වා ඇති බවට එක් මතයකි. ඓතිහාසික මුලාශ්‍රවලට අනුව මහනුවර හෙවත් සෙංකඩලපුරය පිහිටුවන ලද්දේ තුන්වන වික්‍රමබාහු රජු (1357 – 1374) විසිනි. ඒ පිළිබද ලංකාතිලක තඹ සන්නස හා නිකාය සංග්‍රහය සාක්ෂ්‍ය දරයි. නමුත් අස්ගිරි තල්පත එයට ප්‍රතිවිරුද්ධ අදහසක් දරයි. එනම් සෙංකඩගල රජ වු තුන්වන වික්‍රමබාහු රජ වුයේ ක්‍රි.ව. 1462 දී බව එහි දැක්වේ. එසේ නමුදු අම්පිටියෙන් හමුවුණ ශිලා ලේඛනයක දැක්වෙන්නේ තුන්වන වික්‍රමබාහු ගම්පල රජ කරන අවධියේදී සෙංකඩගල නගරය පැවති බවයි. මේ නිසා මෙම රජු විසින් සෙංකඩගල නගරය ගොඩ නගන්නට ඇතැයි සිතිය හැකිය. කෙසේ වෙතත් මෙහිදී ලේඛනගත ඉතිහාසය දුලබ බැවින් ජනශැති කෙරෙහි අවධනය යොමු කරන්නට සිදු වේ. ඒ අනුව නගරයේ ප්‍රභවය පිළිබද වඩාත් ප්‍රකට ජනශ්‍රැතිය ලෙස සැලකෙන්නේ මෙයයි. එනම් උඩවත්ත නමැති ප්‍රදේශය (වත්මන් උඩවත්ත කැලේ) ගල් ගුහාවක සෙංකණ්ඩ නම් බමුණෙක් විසීය. දිනක් ඔහු විසින් නයකු හා මුගටියකු සටන් කරනු දැක තිබේ. ටික වේලාවක් පැවති මෙම සටනින් මුගටියා පලායන්නට විය. බමුණා මෙම සිදුවිම එවක රජ වු වික්‍රමබාහු රජුට සැල කර සිටියේය.මෙය ඇසු රජතුමා විසින් මෙය පින් බිමක් ලෙස සලකා මාලිගාව එහි සාදන්නටත් සෙංකණ්ඩ බමුණාගේ නම පදනම් කර ගනිමින් එම නගරය සෙංකඩගල පුරය ලෙස නම් කරන්නටත් තීරණය කරන ලදී. එසේම තවත් පුරාවෘත්තයක් වන්නේ රජතුමා ස්වකීය රජ මාලිගය තැනිමට සුදුසු ස්ථානයක් සොයමින් පසු වු බවයි. භුමිය පිළිබද මනා අවබෝධයකින් යුක්ත වු පුද්ගලයකු සමග රජතුමා මේ සදහා සුදුසු ස්ථානයක් සොයා බලන්නට විය. එහිදී මෙම ස්ථානයටද ගොස් තිබේ. මෙය රජ මාළිගයක් සෑදිමට සුදුසු භුමි භාගයක් නම් සුදු මැටි, වැලි, ජලය හා සුදු පැහැ කැසබුවකු හමුවිය යුතු බවට තිරණය කෙරිණ. භුමිය පිරික්සිමේදි එකි භුමි ලක්ෂණ හමු වු අතර සෙංකණ්ඩ නම් බමුනෙකුගේ ගල්ලෙනක්ද ඒ සමිපයේ විය. ඔහු සිටියා වු ගල්ලෙන සමිපයේ නුවරක් කළ බැවින් මෙය සෙංකඩගල නම් විය. රජ මාළිගය හා නාථ දේවාලය සාදවා තිබෙන්නේ එම ස්ථානයේ බව දුම්බර විත්ති නමි වු ග්‍රන්ථයේ සදහන් වේ. මීට අමතරව සෙංකණ්ඩ යනුවෙන් හදුන්වන ලද්දා වු තුන්වන වික්‍රමබාහු රජුගේ අග මෙහෙසියගේ නම මේ නගරයට යෙදු බවටද ජනප්‍රවාදයකි. තවත් ජනප්‍රවාදයක් වන්නේ සෙංකඩගල නමැති රත් පැහැති පාෂණයක් නගරය අසල පිහිටා තිබු බැවින් නගරයට එම නම ලැබුණු බවයි.
මහනුවර යුගයේ ඓතිහාසික පසුබිම ආක්‍රමණික පෘතුග්‍රිසීන් ශ්‍රි ලංකාවට ගොඩ බැස්සේ ක්‍රි.ව. 1505 දීය. ඒ වන විට මහනුවර රාජධානියේ පාලකයා වුයේ සේනා සම්මත වික්‍රමබාහු රජුය. වෙළද ද්‍රව්‍ය ලබා ගැනිමත් ස්වකීය ආගම වු කතෝලික ආගම ප්‍රචාරය කිරිමත් යන අරමුණු සඵල කරගනු වස් පෘතුග්‍රිසිහු උඩරට රාජ්‍ය සමග සම්බන්ධතා පවත්වා තිබේ. ක්‍රි.ව. 1582 වන විට සීතාවක මායාදුන්නේ රජුගේ පුතු වු පළමුවන් රාජසිංහ රජු විසින් මහනුවර අල්ලා ගනු ලැබු අතර උඩරට පාලකයා වු කරලියද්දේ බණ්ඩාර නෙරපන ලදී. ඔහු තම දියණිය වු කුසුමාසන දේවියත්, බෑණාත් කැටුව පෘතුග්‍රිසින්ගේ රැකවරණය පැතීය. කරල්ලියද්දේ රජුගේ මරණයත් සමග උඩරට බලය තහවුරු කර ගැනීමට පෘතුග්‍රිසිහු මාන බැලුහ. එම රාජ්‍යයේ උරුමක්කාරිය වන කුසුමාසන දේවිය තමා යටතේ සිටිම ඔවුන්ට මහත් වාසිදායක විය. උඩරට රාජ්‍යයේ සිතාවක රාජසිංහ රජුගේ ක්‍රියා කලාපය කෙරෙහි ජනතාව තුළ වුයේ මහත් අප්‍රසාදයකි. වීරසුන්දර බණ්ඩාරගේ පුත් කොනප්පු බණ්ඩාරද මේ වන විට පෘතුග්‍රිසින්ගේ පිහිට ආරක්ෂාව යටතේ සිටියේය. මෙම අවස්ථාවේ දොන් පිලිප් හෙවත් යමසිංහ බණ්ඩාර රජ කරවීමට පෘතුග්‍රිසිහු උත්සහ ගත්තද ඔහුට රජකම් කළ හැකි වුයේ ටික කලකි. කොනප්පු බණ්ඩාර ඹහු මරා පලමුවන විමලධර්මසුරිය නමින් උඩරට රාජ්‍යයේ පාලකයා බවට පත්විය. ක්‍රි.ව. 1594දී ඓතිහාසික දන්තුරේ සටන සිදුවිමත් දළදා වහන්සේ මහනුවරට වැඩම කරවා අභිනව දළදා මැදුරක් ඉදි කිරිමක් සිදු වුයේ මෙම රජුගේ කාලයේය. ඉන්පසුව සෙනරත් රජු කි.ව. 1604 – 1635 දක්වා උඩරට පාලනය කළ අතර ලන්දේසින් ක්‍රි.ව. 1602 දී ලංකාවට පැමිණෙන්නේ පලමුවන විමලධර්මසුරිය රජුගේ රාජ්‍ය පාලනය සමයේදී වීම විශේෂ සිදුවිමකී. ක්‍රි.ව. 1635 දි රාජ වු දෙවන රාජසිංහ රජු පෘතුග්‍රිසින් පළවා හැරිමට ලන්දේසීන්ගේ සහය පැතිමෙන් සිදු වුයේ ඉගුරු දී මිරිස් ගත්තා වැනි සිදුවිමති. දෙවන රාජසිංහ රජුටද ඉන්පසුව රජ වු රජවරුන්ටද ලන්දේසීන් සමග ගැටෙන්නට වුයේ උඩරට රාජ්‍යයේ ස්වාධිනත්වය පතාය. එම පහරදීම්වලදී ඔවුන්ට බොහෝ අවස්ථාවල පරාජයට ලක්විමට හේතුවුයේ උඩරට රාජධානියේ පිහිටිමයි. එය උඩරැටියන්ට විශේෂ ආරක්ෂාවක් මෙන්ම ශක්තියක්ද විය. දෙවන රාජසිංහ රජුගෙන් පසු දෙවන විමල ධර්මසුරිය (1687 – 1707) ශ්‍රි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ ( 1707 – 1739) ශ්‍රි විජය රාජසිංහ ( ( 1739 – 1747), කීර්ති ශ්‍රි රාජසිංහ (1747 – 1781), ශ්‍රි රාජාධි රාජසිංහ, (1781 – 1798) , ශ්‍රි වික්‍රම රාජසිංහ රජු (1798 – 1815) යන රජවරු යටතේ උඩරට රාජ පැවතිණ. කොනප්පු බණ්ඩාරගෙන් ඇරඹි උඩරට සිංහල වංශය විජය රාජ සිංහ රජු රජවීමත් සමග බිද වැටුනු දැකිය හැකිය. එයට හේතුව අලුත් රාජ වංශයක් වු නායක්කාර් වංශිකයන් අතට රජකම පත්වීමයි. උඩරට මෙන්ම සිංහලයේ අවසන් රජු ලෙස සැලකෙන්නේ ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමාය. ක්‍රි.ව. 1815 දී ශ්‍රි වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රිසීන්ගේ අත් අඩංගුවට පත් වු පසු උඩරට රාජධානිය ඉංග්‍රිසින්ගේ පාලනයට නතු විය. වර්තමානයේ මහනුවර අති සුන්දර දසුනක්ව පවත්නා මහනුවර වැව එවකට හදුන්වන ලද්දේ කිරි සයුර නමිනි. එය නිමවා ඇත්තේද මෙම රජු විසිනි. ඉංග්‍රිසින් කන්ද උඩරට යටත් කර ගත්තද එහිදි ඔවුන් තම ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස කොලොම්පුරය හෙවත් කොළඹ තෝරා ගත්හ. එයට ප්‍රධාන හේතුව වුයේ කොළඹ වරායක් තිබිම හා ඒ අනුව ඔවුනට එංගලන්තයේ සිට යාත්‍රා කර පහසුවෙන් ලංකාවට ගොඩ බසින්නට හැකි වීමයි. ඉංග්‍රිසින් විසින් ලංකාවේ පැවැති රාජාණ්ඩු ක්‍රමය අහෝසි කළ අතර දේශපාලන, ආර්ථික, අධ්‍යාපන හා සමාජීය ආදි සෑම ක්ෂේත්‍රයක්ම සපුරා වෙනසකට ලක් කරන ලදී. ලංකාවේ පැවැති කෘෂී ආර්ථිකය වෙනුවට තේ, කෝපි. රබර් වගාවන් මුල් කරගත් අපනයන ආර්ථිකයකට ලක්වැසියන් යොමු ව්‍න්නේද මෙවක පටන්ය. දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ගන්නා මනරම් ස්ථානයක් බවට පත්ව ඇති පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය ඉංග්‍රිසී ජාතිකයන් විසින් ක්‍රි.ව. 1821 දි ආරම්භ කරන ලද්දකි. එසේ වුවද ගම්පල රජ කළ තුන්වන වික්‍රමබාහු රජ සමයේදීද මෙම ස්ථානයේ උයනක් පැවැති බව ජනප්‍රවාදයේ පවති. එසේම පේරාදෙණියේ පාලම ඉදි කොට ඇත්තේද ඉංග්‍රිසින් විසිනි. ඒ 1832 දීය. එතැන් පටන් කොළඹ මහනුවර දක්වා ගමන් ගන්නා කාගෙත් ගිමන් නිවන තැනත් බවට පේරාදෙණිය උද්භිද උද්‍යානය පත්විය. කොළඹ සිට මහනුවර දක්වා අශ්ව රථ ගමන් කළ හැකි මාර්ගයක් ඉදි කිරිම ඉංග්‍රිසින්ගේ සුවිශේෂතම අවශ්‍යතාවක් වු අතර ලංකාවේ ප්‍රථම ඉංග්‍රිසි ආණ්ඩුකාරයා වු එඩ්වඩ් බාන්ස්ගේ කාලයේදී එම මාර්ගය ඉදි කිරිම ආරම්භ විය. කොළඹ මහනුවර මහ මාර්ගය ඉදිකිරිම් 1832 දී අවසන වු අතර එම පාර ඉදි කිරිම පිළීබද මතක සටහනක ලෙස කඩුගන්නාව නගරයේ ඉදිරි කොට ඇති ඩෝසන් කුළුණ අදටත් දැකිය හැකිය. එසේම කොළඹ සිට මහනුවර දක්වා අශ්ව රථ මගින් ලියුම් ගෙනයාම ආරම්භ වුයේද මෙම වර්ෂයේදීමය. ආසියාවේ මුල්ම තැපැල් සේවාව ලෙස ඉතිහාසයට එක් වන්නේද මෙම තැපැල් රියයි.
කලා ශිල්ප මහනුවර රාජ්‍ය සමය කලා ශිල්ප හා දේශිය කර්මාන්ත සදහා නොමද රාජ්‍ය අනුග්‍රහයක් ලද කාල වකවානුවකි. චිත්‍ර කලාව දෙස බැලිමේදී බුදු සිරිත හා ජාතක කථා චිත්‍රයට නැගිම ජනප්‍රිය වී පැවැතිණ. හිදගල, දළදා මාළිගය, ගංගාරාමය ආදි ස්ථානවල එබදු චිත්‍ර අදටත් දැකගත හැකිවිය. එසේ ම ලංකාතිලකය, ගඩලාදෙණීය, ඇම්බැක්ක වැනි ස්ථාන කලාශිල්ප අතින් මහනුවර යුගයේ සුවිශේෂි සන්ධිස්ථාන සනිටුහන් කරන ස්ථාන වේ. මෙම යුගයේදී ලාක්ෂා කර්මාන්තය, කුඹල් කර්මාන්තය ආදිය දියුණු මට්ටමක පැවැති අතර සාහිත්‍ය කලාවද උසස් මට්ටමක පැවැති අතර සාහිත්‍ය කලාවද උසස මට්ටමක පැවැති බවට සාධක හමුවේ. වැලිවිට ශ්‍රි සරණංකර මාහිමිපාණන් වහන්සේ විසින් ඇති කළ සාහිත්‍ය ප්‍රබෝධය මෙහිලා විශේෂයෙන් සදහන් කළ යුතුය.
|
|
|
|
|
|
|
|
|
|
|
|