මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 

 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
   මහනුවර දිස්ත්‍රික් සංවර්ධන වියදම්  රුපියල්  මිලියන 9000 ඉක්මවයි.

ජනපති උපදෙසින් මහනුවරට මහනගර සංවර්ධන සැලස්මක්

ජාතික සුරක්ෂිතතා දිනය මහනුවර දි

මහනුවර මී උණ පැතිරීමේ අවදානමක්

පුද්ගලික වෙළෙදුන් වැඩි මිලට වී ගනි

මහනුවර ගොවි විශ්‍රාම වැටුප් සදහා මසට රුපියල් ලක්ෂ 33ක්

කාබනික පොහොර ලෙස පිදුරු 

මහනුවර වී මිලදී ගැනීමට මිලියන 10ක්

මධ්‍යම පළාත් ඵලදායිතා තරගය මහනුවරදී

#මහනුවර  ඓතිහාසික ඇසළ පෙරහැර

#කලාකරුවන්ට සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප්

#දළදා සිරිත ගම්දොරට

#සිරිදළදා හරසරණිය (ශාස්ත්‍රීය කෘතිය)

#සිරිදළදා අභිවන්දන සමරු කලාපය

#සිරි දළදා සමිදුන්ට ‍පිදෙන පාරිසරික සත්කාරය


 

 
මහනුවර දිස්ත්‍රික් සංවර්ධන වියදම්  රුපියල් මිලියන 9000 ඉක්මවයි.
මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන 2008 වර්ෂය සදහා  රජය විසින් වෙන් ඇති මුදල රුපියල් මිලියන 9000 කි. මෙම මුදල යොදවා ව්‍යාපෘති දස දහසකට වඩා වැඩි ප්‍රමාණයක්  මහනුවර දිස්ත්‍රික්කය පුරා ආරම්භ කොට තිබේ.

මහනුවර  දිස්ත්‍රික්  සංවර්ධන වියදම් විග්‍රහය - 2008

ප්‍රතිපාදන වර්ගය
වෙන්කළ මුදල
රුපියල් මිලියන
ව්‍යාපෘති සංඛ්‍යාව
විමධ්‍යගත අයවැය
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රතිපාදන
59.85
1001
ජාතික ලැයිස්තු මන්ත්‍රි ප්‍රතිපාදන
5.26
20
ගම නැගුම වැඩ සටහන 2008
ජාතික සවිය
439.00
273
ගම නැගුම

දි පාර්ලිමේන්තු
40.80
19
මංත්‍රර්‍ යෝජනා

උඩරට සංවර්ධන අධිකාරිය
147.21
34

රේඛීය අමාත්‍යාංශ දෙපාර්තුමේන්තු අරමුදල්

වාරිමාර්ග දෙපාර්තමේන්තුව
22.37
40
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
11.96
6
උඩරට ගැමි පුනුරුත්තාපන දෙපාර්තමේන්තුව
7.83
30
පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය
44.30
52
සංචාරක කටයුතු අමාත්‍යාංශය
10.45
5
ගොඩනැගිලි දෙපාර්තමේන්තුව
88.48
13
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව
2.09
10
දිසා වන කාර්යාලය
11.84
18
ගොවිජන සංවර්ධන දිස්ත්‍රර්‍ක් කාර්යාලය
22.00
5

සංස්ථා මණ්ඩල හා අධිකාරී ආයතන අරමුදල්

මහනුවර හා තදාසන්න ජල සම්පාදන ව්‍යාපෘතිය
325.00

අදියර 1

මහනුවර හා තදාසන්න ජල සම්පාදන ව්‍යාපෘතිය
120.00

අදියර 11

මහනුවර දකුණ ජල සම්පාදන ව්‍යාපෘතිය
3000.00

කුණ්ඩසාලේ ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිය
අදියර 11
80.00

මාරස්සන ජලසම්පාදන
ක්‍රමය
5.00

අංගම්මන නාරම්විට
4.00

මහනුවර අපජල ව්‍යාපෘතිය
235.00

සංස්ථා මණ්ඩල හා අධිකාරී ආයතන අරමුදල්

උඩරට සංවර්ධන අධිකාරිය
30.20
745
ජීවනෝපාය

මාධ්‍ය සංස්කෘති අරමුදල
7.33
10
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය
17.41
16
ලංකා විදුලි බල මංඩලය
491.54
223
නිවාස සංවර්ධන අධිකාරිය
157.74
2
පොල් වගා කිරීමේ මංඩලය
1.92
1
නාගරික සංවර්දන අධිකාරිය
51.25
2
කුඩා තේවතු සංවර්ධන අධිකාරිය
32.82
4
ගම්පොල

කුඩා තේවතු සංවර්ධන අධිකාරිය
22.88
7
ගන්නෝරුව

මාර්ග සංවර්ධන අධිකාරිය
1835.94
4
ලංකා කාර්මික සංවර්ධන මංඩලය
4.07
20
කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය
13.37
12
ජාතිඛ තරුන සේවා සභාව
2.01
18
දෙවන ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය
663.92
6
සමෘද්ධි ගම්මාන 2000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන
30.25
2924
සමෘර්ධි දිරිය පියස නිවාස සංවර්ධන වැඩ සටහන
9.06
208
ප්‍රාග්ධන ආයෝජන වැඩ සටහන 2008
මධ්‍යම පළාත් සභාව
පළාත් ප්‍රධාන අමාත්‍යාංශය
252.1
323
කෘෂිකර්ම අමාත්‍යාංශය
44.7
86
සෞඛ්‍ය අමාත්‍යාංශය
102.9
137
මහා මාර්ග අමාත්‍යාංශය
301.1
326
කර්මාන්ත අමාත්‍යාංශය
92.00
148
ප්‍රධාන ලේකම් කාර්යාලය
127.6
1946
මුලාශ්‍ර - දිස්ත්‍රික් ක්‍රම සම්පාදන කාර්යාලය

 

සකස් කලේ - ආනන්ද හෝලිය බණ්ඩාර

 

ජාතික සුරක්ෂිතතා දිනය මහනුවර දි

දෙසැම්බර් මස 26 දිනට  යෙදෙන ජාතික සුරක්ෂිතතා දිනය මහනුවර කේන්ද්‍රකොටගෙන පැවැත්විමට තීරණය කොට තිබේ.  ජාතික සුරක්ෂිතතා දිනය නම් කිරිමේ අරමුණ  සියළු ආපදාවලින් ජීවිතක්ෂයට පත්වුවන් සිහිකිරිම හා හදිසි ආපදාවන් පිළිබද  ජනතාව දැනුවත් කිරිම බව  ආපදා කළමණාකරන හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවැසිය. ආපදාවලින් මියගිය පුද්ගලයින් සිහිකිරිම පිණිස දෙසැ 26 දින  පෙව 9.00ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට සැලසුම් කොටතිබේ.  එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පැවැසුවේ පුර්ව ආපදා කළමණාකරන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 600ක මුදලක් වෙන් කොට ඇති බවත්, මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සැලැස්ම ලබන වසරේදි ක්‍රියාවට නැංවිමට කටයුතු බවත්ය. අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ ජාතික සුරක්ෂිතතා දිනය මහනුවර දී පැවැත්විම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැති  දැනුවත් කිරිමේ  සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.   
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)


ජනපති උපදෙසින් මහනුවරට මහනගර සංවර්ධන සැලස්මක්
      සාකච්ජාවට පමණක් සීමාවී තිබු  මහනුවර මහනගර සැලැස්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ  උපදෙස් මත කඩිනමින් ක්‍රියාත්මක කිරිමට පියවරගෙනගෙන තිබේ.  මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු  සම්බන්ධව ජනාධිපතිතුමාගේ  සහභාගීත්වයෙන්  පැවැති සාකච්ඡාවලින්  අනතුරුව පියවර තුනක්  යටතේ නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරිමට පියවරගෙන ති‍බේ.  කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගුකාලීන වශයෙන් පියවර තුනක්  යටතේ නගර සංවර්ධනය සංවර්ධනය කිරිමට සැලසුම් සකස කොට තිබේ.  අතිගරු ජනාධිපතිතුමන්  මහනුවර දිස්ත්‍රික්කයේ  මහජන නියෝජිතයන් හා  රාජ්‍ය නිලධාරීන්  සමග සාකච්ඡා කිරිමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.  
            කෙටි කාලින වැඩපිලිවෙල යටතේ මහනුවර නගරයේ මාර්ග කාපට් කිරිම දැනටමත් අවසන් කොට තිබේ. නගර මධ්‍යයේ මාර්ගවලට අමතරව මහනුවර සිට පල්ලෙකැලේ දක්වාද, මහනුවර සිට කටුගස්තොට දක්වා ද මාර්ගය නවීකරණය  කොට තිබේ.  වසර සියයකටත් වඩා ඉපැරණි කටුගස්තොට පාලම වෙනුවට අලුතින් ඉදිකරනු ලබන  මංතීරු හතරකින් යුත් නව පාලමේ වැඩ කටයුතු අවසන් වෙමින් පවති.  නගරයේ  වාහන තදබදය අවමකිරිමේ අරමුණින් ඉදි කිරිමට ‍යෝජිත මගි පාලම් 8න් 2ක වැඩ මේ වන විටත් අවසන් ‍කොට තිබේ.
            නගර සංවර්ධන සැලැස්ම යටතේ  මහනුවර නගරයේ වාහන  තදබදය අවම කිරිමට අදාල කෙටිකාලීන හා දිගුකාලීන විසදුම් ලබාදීමට  සැලසුම් කොට තිබේ.  මහනුවර පේරාදෙණිය විලියම් ගොපල්ලව  මාවත මංතීරු හතරක් ලෙස පුළුල් කිරීමට සැලසුම් සකස් කොට තිබෙන අතර  දුම්රිය මාර්ගයද  පේරාදෙණිය දක්වා නවිකරණය කිරිමට සැලසුම් කොට තිබේ. මෙහිදී නිවාස අහිමිවන්නන් සදහා තට්ටුනිවාස සංකීර්ණයක් ඉදිකිරිමට  සැලසුම් සකස් කරමින් පවති.
            මහනුවර නගරයේ අධික වාහන තදබදය අවම කිරිම සදහා විශේෂ වැඩ පිළිවෙලක්ද වේ.  මේ යටතේ උමං මාර්ග, ගුවන් පාලම්ද වේ. දුම්රිය හා මහ මාර්ග හරහා  ගුවන් පාලම් අටක්  ඉදිකිරිමට සැලසුම් කොට තිබේ.  නගරයේ රථවාහන තදබදය අවම කිරිම සදහා  පේරාදෙණිය විශ්ව විද්‍යාලය සම්බන්ධකරගෙන නවරථවාහන සැලැස්මක්  සකස් කොටතිබේ.
            මහනුවර නගරයට ‍‍ මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති ජාත්‍යන්තර මට්ටමේ අංග සම්පුර්ණ සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන ශාලාවක් රුපියල් මිලියන රුපියල් මිලියන 800ක් වැයකර   ඉදිකිරිමට සැලසුම් සකස් කොට තිබේ. මෙම සම්මන්ත්‍රණ ශාලාව මහනුවර මහනගර සභාවේ ප්‍රධාන රථගාලේ ඉහල මාලේ ඉදිකිරිමට  සැලසුම් සකස්කොට තිබේ.  කොළඹ ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේම ප්‍රාදේශිය  සම්මන්ත්‍රණ ශාලාවක් ලෙස ඉදිකෙරෙනු ඇත. 
            දැනට මහනුවර නගර මධ්‍යයේ පවත්වාගෙන යන ‍බෝගම්බර සිරගෙදර  එම ස්ථානයෙන් ඉවත් කිරිමට නියමිතය.  නව බන්ධනාගාරයේ ඉදිකිරිම් පල්ලේකැලේ ප්‍රදේශයේ දැනටමත් ආරම්භකොට තිබේ. දැනට බන්ධනාගාරය පවත්වාගෙන යන ස්ථානය සංස්කෘතික කලාපයක් වැඩි දියුණු කිරිමට සැලසුම් කොට තිබේ.
            මහනුවර නගරය ප්‍රසාරණයවීමට ඉඩකඩනොමැති බැවින්  කුණ්ඩසාලේ, ඊරියවැටිය, දොඩම්ගොල්ල අංග සම්පුර්ණ නව නගර ලෙස වැඩිදියුණු කිරීමට සැලසුම් කොට තිබේ.  මැණික්හින්න, දිගන  අම්පිටිය වැනි මහනුවර නගරාශ්‍රිත නගර සංවර්ධනය කිරිමට සැලසුම් කොට තිබේ.  පරිපාලන කටයුතු  පල්ලේකැලේ ප්‍රදේශයට ගෙනයාමට පියවරගෙන තිබේ.  පළාත් සභා සංකීර්ණය දැනටමත් වැඩ නිමවෙමින් පවති.  එහි වැඩකයුතු නිමවීමේන් අනතුරුව පළාත් සභාවට අයත් කාර්යාල බොහොමයක්  නව ගොඩනැගිලි සංකීර්ණයට මාරුවනු ඇත.
            සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන්  මහනුවර සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් පේරාදෙණියේ පිහිටුවීමටද සැලසුම් සකස්කොට තිබේ.  සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම උදෙසා වැඩ පිළිවෙලක් මෙයට සමාගාමිව සිදුවේ.
            මහනුවර නගරයට පිවිසෙන ජනතාවට විනෝදයෙන් කාලය ගත කිරිම සදහා සුදුසු ස්ථානයක් හදුනාගෙන වැඩි දියුණු කිරිමට ද සැලසුම් කොට තිබේ.
            මහනුවර නගරයට අලංකාරය ගෙන දෙන ඓතිහාසික මහනුවර  වැව  සංරක්ෂණය කිිම සදහා භාරයක්  පිහිටුවීම හා වැව මැද පිහිටි කුඩා දුප‍තේ පුරාවිද්‍යාත්මක වටිනාකම ආරක්ෂාවන අයුරින් මල්වැවිම  සිදුකිරිමට ද නියමිතය.
            මහනුවර නගරය  අලංකාරවත් නගරයක්  බවට පත් කිරීම සැලසුමේ ඒක් අංශයකි. මේ යටතේ මහනුවර වැව රවුම  ආකර්ශනිය ස්ථානයක් බවට පත් කිරිම, ලෝක උරුම නගරයේ ගොඩනැගිලි  එක සමාන වර්ණයකින් වර්ණවත් කිරිම,  පේරාදෙණියේ සිට කටුගස්තොට දක්වා වු සියලුම අනවසර ඉදිකිරිම් ඉවත් කිරිම, නගර මධ්‍ය‍යේ සියලු  මාර්ග කාපට් කිරිම, දළදා මාලිගාව අසල ආරක්ෂක කලාපයේ ඇති රජයේ කාර්යාල ඉවත් කිරිම, නගරයේ වීදි පහන් කනු එකම ආකාරයකින් පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි  සකස් කිරිම වැනි කටයුතු රැසක් නගර සංවර්ධන සැලැස්මට  අයත් වේ. 
ලෝක උරුම නගරයක් වු මහනුවර නගර සංවර්ධනය ඉතාම සැලසුම් සහගතව සියල්ලන්ගේ  අදහස් හා යෝජනා  පිළිබද අවධානය යොමුකරමින්  සිදුකර ගැනීමට  පියවරගෙන තිබේ.
            මෙම ව්‍යාපෘතිය සදහා සම සභාපතිවරු 06 දෙනෙකුද, සම ලේකම් වරු දෙදෙනෙකුද අනුසාශක මණ්ඩලයක්ද   පත් කොට තිබේ.  
අනුශාසක මණඩලය
නගර සංවර්ධන සැලැස්මේ අනුශාසක මණ්ඩලයකින්ද යුක්ත වීව විශේෂත්වයකි. අස්ගිරි මල්වතු උභය පාර්ශවිය මහනායක හිමිපාණන් වහන්සේලා හා අන්‍ය ආගමික පුජක තුමන්ලා  උපදේශකත්වය සපයනු ලබයි.

සම සභාපතිවරු
1.වැවිලි කර්මාන්ත අමාත්‍ය දි.මු.ජයරත්න මහතා
2.විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා
3.නාගරික සංවර්ධන හා පුජාභුමී සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතා
4.විදුලිබල අමාත්‍ය මහින්දා නන්ද අලුත් ගමගේ මහතා
5.මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා
6.මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත්ඒකනායක මහතා


සම ලේකම්වරු
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් පී.ජී.අමරකෝන් මහතා
මහනුවර දිස්ත්‍රික් ලේකම් එස්.එම්.‍ෙගා්ඨාභය ජයරත්න මහතා
මධ්‍යම පළාත් සැලසුම් කාර්යාලය  හා මහනුවර දිස්ත්‍රික් සැලසුම් ඒකකය මගින් මෙම කටයුත්ත සම්බන්ධීකරණ කරනු ලබයි.
ලෝක උරුම ඓතිහාසික නගරයක් වු මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ අනුකමිටු 04ක් පිහිටුවා ති‍බේ.
මහ මාර්ග හා ප‍්‍රවාහන අනුමකමිටුව
Ø     
නිසි මාර්ග පද්ධතියක් සකස් කිරිම
Ø     
වාහන තදබදය අවම කිරිම
පරිසර අනුකමිටුව
Ø     
අනවසර ඉදිකිරිම් පාලනය
Ø     
අලංකාරය ආරක්ෂා කරමින් නගරය සංවර්ධනය කිරිම

ආගමික හා සංස්කෘතිත අනුකමිටුව
Ø     
දළදා මාලිගාව පරිශ්‍රයේ පිහිටි රාජ්‍ය පෞද්ගලික ආයතනය ඉවත් කිරිම
Ø     
පුජා භූමි සංවර්ධනය
Ø     
වාස්තු විද්‍යාත්මක වටිනාකමක් ඇති පුරාණ ගොඩනැගිලි සංරක්ෂණය
Ø      බෝගම්බර හිරගෙදර නගරයෙන් ඉවත් කිරිම

වාණිජ හා සංවර්ධන අනුකමිටුව
Ø     
සංචාරක කර්මාන්තය නගා සිටුවීම
Ø      වාණිජ කටයුතු නව සැලස්මක්තුල සංවිධානය කිරිම

මෙම අනුකමිටු වලට අදාල විෂයන් පිළිබද ගැඹුරින් අධ්‍යයනය කොට අනුකමිටු විසින්  ලබාදෙන නිර්දේශ සැලකිල්ලට ගෙන නගරයේ ඓතිහාසිකත්වයට හානි නොවන ආකාරයෙන් සංවර්ධන කටයුතු සිදු කිරිමට පියවර‍ගෙන තිබේ.  දළදා මාළිගාවේ දියවඩන‍්‍නිලමේ තුමා, මහනුවර නියෝජ්‍ය පොලිස්පතිතුමා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමා, මහනුවර නගරාධිපතිතුමා, අමාත්‍යාංශ ලේකම්වරු රාජ්‍ය ආයතන හා  රාජ්‍ය සංස්ථා මණ්ඩල  ප්‍රධානීන් ඉහත කමිටු හතරේ සාමාජිකත්වය උසුලනු ලැබේ.

ආනන්ද හෝලිය බණ්ඩාර
(මාධ්‍ය විමර්ශන නිලධාරි)

මහනුවර ගොවි විශ්‍රාම වැටුප් සදහා මසට රුපියල් ලක්ෂ 33ක්
මහනුවර දිස්ත්‍රික්කයේ  ගොවීන්  305 දෙනෙකුට ගොවි විශ්‍රාම වැටුප් වෙනුවෙන් පසුගිය මාසයේදි පමණක් රුපියල්  33,84,243ක  මුදලක්  ගෙවා ඇති බව කෘෂිකර්ම සහ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ එල්.බී.එස්.බී හිස්සැල්ල මහතා ප්‍රකාශ කළේය.
            එසේම මරණ පාරිතෝෂිත වෙනුවෙන් 1,74,974ක මුදලක්ද මේ වන විට ගෙවා ඇතිබව සදහන් කළ සහකාර අධ්‍යක්ෂවරයා පසුගිය වසරේ මිනිපේ සහ හසලක්  ගොවිගම්මාන ඉලක්ක කොටගෙන ආරම්භකළ වී වගා රක්ෂණ ක්‍රියාවලිය මෙවර තවදුරටත් ව්‍යාප්ත කිරීමට සැලසුම් කොට අති බවත් පැවැසීය.
            සහකාර අධ්‍යක්ෂවරයා මේ බව සදහන් කළේ  පසුගියදා 21 දින  මහනුවර  දිස්ත්‍රික්  කෘෂිකර්ම කමිටුවට ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ප්‍රගතිය ඉදිරිපත් කරමිනි.


පුද්ගලික වෙළෙදුන් වැඩි මිලට වී ගනි
රජයට වී දීමට ගොවින් මැලිවෙයි.
මහනුවර දිස්ත්‍රික්කයේ  වී අස්වනු මිලදී ගැනීම සදහා රුපියල් මිලියන  10ක්  රජය වෙන් කොට තිබියදී මිනිපේ හා හසලක පිහිටුවා ඇති  වී මී මිලදි ගැනිමේ මධ්‍යස්ථානවලට මෙතෙක් වී මිලදි ගැනීමට නොහැකි වී ඇති බවත් මීට හේතුවී ඇත්තේ රජයේ සහතික මිලට වඩා වැඩි මිලකට පෞද්ගලික ගැනුම් කරුවන්  වී මිලදී ගැනීම බැව් මිනිපේ  සහකාර ප්‍රාදේශිය ලේකම් එස්.ආර්, විජේසිංහ මහත්මිය පැවැසිය.
            ලේකම්වරිය මේ බැව් ප්‍රකාශ කළේ  පසුගියදා  21 දා මහනුවර  දිස්ත්‍රික්  කෘෂිකර්ම කමිටුව අමතමිනි.
            මහනුවර වි මිලදී ගැනීම සදහා රජය ලබාදුන් මිලියන 10න්  ලක්ෂ 25ක්  මිනිපේ හා හසලක  විවිධ සේවා සමුපකාර සමිතිවලට  මුදාහැර  ඇති අතර  වී මිලදී  ගැනිම සදහා  මධ්‍යස්ථාන 7ක් පිහිටුවා  තිබුණද මෙතෙක් වී තොග රැස්කිරීමට නොහැකි වී තිබේ.

මහනුවර මී උණ පැතිරීමේ අවදානමක්
මහනුවර දිස්ත්‍රික්කයේ  යටිනුවර, උඩුනුවර, ගලගෙදර, හාරිස්පත්තුව ආදි ප්‍රදේශ රැසක ලේප්ටෝස්පයි‍රෝසිස්  හෙවත් මී උණ පැති‍රයාමේ අවධානමක් මතුවී ඇති බැවි මධ්‍යම පළාත් නියෝජ්‍ය  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  වෛද්‍ය එස්.ඒ.කේ ගමගේ  මහතා  ප්‍රකාශ කරයි.
            මීයන්, සුනඛයින්,  බලලුන්, ඌරන්  වැනි  සතුන් ගේ මුත්‍රා ආශ්‍රයෙන්  බෝවෙන බව  සොයාගෙන බවත්   මෙම ‍රෝගය  හේතුකොටගෙන 2008 වසරේ මහනුවර දිස්ත්‍රික්කයේ  මරණ 23ක් වාර්තා වී  ඇති බවත් සදහන් කළේය.

 

කාබනික පොහොර ලෙස පිදුරු  යොදා ගතයුතුයි.

                                                මහනුවර දිස්ත්‍රික්  ෙල්කම්


රජයේ පොහොර සහනාධාරය සදහා රුපියල් මිලියන 32.000ක් වාර්ෂිකව වැය කරද්දී කාබනික  පොහොර ලෙස පහසුවෙන්  භාවිත කළ හැකි විශාල පිදුරු ප්‍රමාණයක් ගොවිබිම්වල හා කමත්වල පුළුස්සා දැමීම අපරාධයක් බැවින්  කාබනික පොහොර ලෙස  පිදුරු යොදා ගැනිමේ  වැදගත් කම  පිළිබදව  නිරතුරුවම ගොවින් දැනුවත් කිරිමේ  වැඩ සටහනක්  ගොවිජන නිලධාරින්  සහ ගොවි  සංවිධාන ඒකාබද්ධව  ක්‍රියාත්මක කල යුතු බව මහනුවර දිස්ත්‍රික් ලේකම් එස්.එම් ගෝඨාභය ජයරත්න මහතා පවසයි. දිස්ත්‍රික් ලේකම් වරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික් කෘෂීකර්ම කමිටුවට  සහභාගි   වෙමිනි.

 

වී මිලදී ගැනීම් ආරම්භ කිරිමට ලක්ෂ 25ක මුදලක් සමුපකාර සමිතිවලට

                                                            -  මහනුවර දිස්ත්‍රික් ලේකම්

2008 යල කන්නයේ මහනුවර දිස්ත්‍රික්කයේ මිණිපේ 1-2 පියවරවල වී මිලදී ගැනිම් සදහා රජය රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කොට ඇති අතර මෙයින් වී මිලදී ගැනීම් ආරම්භ කිරීම සදහා  පළාත් සමුපකාර කොමසාරිස් හරහා ලක්ෂ 25ක මුදලක් හසලක හා මිණිපේ විවිධ සේවා සමුපකාර සමිතිවලට මුදාහැර ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ගෝඨාභය ජයරත්න මහතා පවැසීය.
            මෙවර මිනිපේ 1-2 පියවරවලින්  අවම වශයෙන්  වී බුසල්  811000 පමණ අස්වැන්නක්  ලැබෙනු  ඇතැයි කෘෂිකර්ම අංශ විශ්වාසය පලකරන අතර මෙයින්  අවම වශයෙන්  10% පමණ තම සමිතිවලින්  වී මිලදී ගැනිමට බලාපොරොත්තු වන බව අදාල සමිතිවල  සභාපතිවරු පැවැසීය.
            මේ අනුව නාඩු කිලෝවක් රුපියල් 28 බැගින්ද  සම්බා කිලෝවක්  රුපියල් 30 බැගින්ද වු රජයේ සහතික මිලට මිලදී ගැනීමට  අපේක්ෂා කරන අතර මේ සදහා  මිණිපේ වී මිලදී ගැනිමේ  මධ්‍යස්ථාන 5ක් ද හසලක 5ක් ද වශයෙන් මධ්‍යස්ථාන පිහිටුවා මිලදී ගැනීම කඩිනමින් ආරම්භ කරන බවද සභාපතිවරු මෙහිදි පෙන්වා දුන්හ.  මෙම කරුණු ආනාරවරණය වුයේ වී මිලදී ගැනීම පිළිබදව පසුගිය 20  (අගෝස්තු 20)  වන දින මහනුවර දිසා ලේකම් කාර්යාලයේ පැවැති  සාකච්ඡාවකදීය.

මධ්‍යම පළාත් ඵලදායිතා තරගය මහනුවරදී
ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය සංවිධානය කරනු ලබන ඵලදායිතා තරගයේ 2007 මධ්‍යම පළාත් ඵලදායිතා සම්මාන උළෙල  මහනුවරදී පැවත්වීමට කටයුතු යොදා තිබේ. කම්කරු සබදතා හා මිනිස් බල අමාත්‍ය අතාවුද සෙනවිරත්න මැතිතුමාගේ  ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උළෙල පැවැත්වේ.  2008 සැප්තැම්බර් මස 19 වන දින ප.ව.2.30  ට මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්නවෙනු ඇත.  ජාතික ඵලදායිතා  ලේකම් කාර්යාලය, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය හා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව මෙම උළෙල සංවිධානය කෙරේ.

 

#කලාකරුවන්ට සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප්

     දළදා පෙරහැරට සම්බන්ධවන කලාකරුවන්  125 දෙනෙකුට සමාජ ආරක්ෂණ වැටුප් ප්‍රතිලාභ ක්‍රමයට දායක හිමිකම්පත් ප්‍රදානය අතිගරු ජනාධිපතිතුමන් අතින් පෙරහැර සමාප්ති උළේලෙදි  සිදුවිය.
දළදා පෙරහැරට සම්බන්ධවන  කලාකරුවන්ගේ අනාගත සුරක්ෂිතාව ඇති කිරිම පිණිස සමාජ ආරක්ෂණ ජාතික මණ්ඩලයේ සමාජ ආරක්ෂණ හා විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ඔවුන් විශ්‍රාම වැටුප් සදහා බදවාගැනිමේ වැඩසටහන  2007 වසරේ ආරම්භ විය. 

    මහනුවර දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ගෝඨාභය ජයරත්න මහතාගේ අදහසක් අනුව  ආරම්භ කළ මෙම වැඩ සටහන යටතේ මෙවර කලාකරුවන් 125 දෙනෙකු  සදහා හිමිකම් පත්‍ර ප්‍රදානය සිදු වු අතර මේ සදහා සංස්කෘතික දෙපාර්තමේන්තුම මගින්  අනුග්‍රහය දක්වා තිබේ.

 #දළදා සිරිත ගම්දොරට
දළදා සංස්කෘතිය පිළිබද දැනුම හා අවබෝධය මහනුවර දිස්ත්‍රික්කයේ ගම්නියම්ගම් වෙත රැගෙන යාමේ අරමුණින් ආරම්භකළ සාහිත්‍ය හා සංස්කෘතික වැඩ සටහන  මෙවරද ඉතා සාර්ථකව  අවසන් විය. මහනුවර දිස්ත්‍රික්  ලේකම්  එස්.එම්‍.ගෝඨාභය ජයරත්න මහතාගේ  සංකල්පයක් අනුව ආරම්භ කරන ලද මෙම වැඩ සටහන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සංස්කෘතික  අංශය මගින් සංවිධානය කරන ලදී.  මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යල 20 ම ආවරණය වන පරිදි  පාසැල් දුවා දරුවන් ඉලක්ක කොටගෙන  දළදා සංස්කෘතිය විදහා දැක්වෙන  චිත්‍ර, කථික, සහ රචනා තරග පවත්වන ලද අතර ජයග්‍රාහකයින් ඇගැයිමට ලක්කරන ලදි.

#සිරිදළදා හරසරණිය (ශාස්ත්‍රීය කෘතිය)

දළදා වහන්සේ, දළදා පෙරහැර, පිළබද ඓතිහාසික, පුරාවිද්‍යාත්මක, සංස්කෘතික, සමාජීය, වාස්තු විද්‍යාත්මක,  ජනශ්‍රැති හා සංනිවේදනාත්මකව සිදුකරන ලද පර්යේෂණයකින් අනතුරුව සිරිදළදා හරසරණිය නමින් ග්‍රන්ථයක්  එළිදැක්වීමට නියමිතය.  මෙම ග්‍රන්ථය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  මහාචාර්ය හගුරන්කෙත ධිරානන්ද හිමියන් සහ මහාචාර්ය පී.බී.මිගස්කුඹුර යන් විද්වතුන් විසින්  සංස්කරණය කරනු ලැබේ.
            මෙම කෘතිය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අනුෂ පැල්පිට  මහතාගේ අදහසක් අනුව සකස්  කෙරෙන මෙම ග්‍රන්ථය පෙරහැරින්  මාස කීපයටක පසුව එළිදැක්වීමට  නියමියතය. මෙම කෘතියේ සම්බන්ධීකරණ කටයුතු සිදුරකරන ලද්දේ  දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය හා සංස්කෘතික  අංශ්‍ය මගිනි.

#සිරිදළදා අභිවන්දන සමරු කලාපය

ඓතිහාසික ඇසල පෙරහැරට සමගාමිව  සිරිදළදා අභිවන්දන  නමින් සමරු කලාපයක්  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  මාධ්‍ය ඒකකය මගින්  ප්‍රකාශයට පත්කරන ලදී. මෙම සමරු කලාපය පෙ‍රහැර සමාප්ති  උළේලෙදී අතිගරු ජනාධිපතිතුමන් හට පිළිගන්වන ලදි.  මහනුවර දිස්ත්‍රික් ලේකම් වරයාගේ අදහසක් අනුව මෙම සමරු කලාපය මෙවර එලිදැක්වුයේ තෙවෙනි වතාවටය.   විද්වතුන්ගේ  ශාස්ත්‍රීය ලිපිවලින් හා දළදා මාලිගාව සම්බන්ධ විස්තර මෙම කලාපයේ අන්තර්ගතවේ.

#සිරි දළදා සමිදුන්ට ‍පිදෙන පාරිසරික සත්කාරය    

 මධ්‍යම පරිසර අධිකාරියේ පාරිසරික අධ්‍යාපන හා දැනුවත් කිරිමේ අංශය 2003 වසරේ සිට  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය.  මහනුවර මහ නගර සභාව,  අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ මහනුවර දිස්ත්‍රික්කයේ  සියළුම ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල  සහභාගිත්ව‍යෙන්  සිදුකරනු ලබන විශේෂිත පාරිසරික  වැඩ සටහන  සිරි දළදා  සමිදුන්ට  පිදෙන පාරිසරික සත්කාරය නම් වේ.  දළදා  පෙරහැර  සමයේ නගරයට එක් රැස්වන  ජනතාව නිසා පරිසරයට සිදුවන  හානි සහ බලපැම්  අවම කිරිම මෙම වැඩ සටහනේ අරමුණවේ.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)

 

 

 

 

 
 
Home Contact Us DS Portal English Tamil