|
|
|
|
|
කෑගල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර ප්‍රදේශයටත්, නිරිත දිග තැනිතලා ප්‍රදේශයටත්, අතර මැද පිහිටි රමණීය පරිසරයකින් යුතු බිම් ප්‍රදේශයකි. දිස්ත්‍රික්කයේ බටහිර ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට අඩි 500 ට අඩු පහත් බිම් වලින් යුක්ත වන අතර, නැගෙනහිර මායිම් ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට අඩි 1,000 ක් ඉක්මවා යයි. භූමි පරිභෝජනයේදී වැඩි බිම් ප්‍රදේශයක රබර් වගාව ව්‍යාප්තව තිබේ. තේ, කෝපි, කොකෝවා, ගම්මිරිස්, කරාබු, සාදික්කා වැනි අපනයන බෝග දිස්ත්‍රික් ආර්ථිකයේ වැදගත් තැනක් හිමිකර ගනී. ශ්‍රී ලංකාවේ හොඳම මිනිරන් නිධිය මෙහි බෝගල පිහිටා ඇත. විශාලත්වය දිස්ත්‍රික්කයේ මුලු බිම් ප්‍රමාණය : ව.කි.මී.1,692.8 (හෙක්.169,280)
පරිපාලන බෙදීම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සංඛ්‍යාව 11 ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව 573 ගම් සංඛ්‍යාව 1,677 මැතිවරණ කොට්ඨාශ සංඛ්‍යාව 09 පළාත් පාලන ආයතන සංඛ්‍යාව 12
ජනගහනය (2005 ඇස්තමේන්තුව) ස්ත්‍රී 421,683 පුරුෂ 404,541 මුලු ජනගහනය 826,224 ජනගහන වර්ධන අනුපාතය (2001) 0.7 පවුල් සංඛ්‍යාව 206,348
ඉඩම් පරිහරණය වගාව ප්‍රමාණය (හෙක්.)
වී 23,516 තේ 18,673 පොල් 27,192 රබර් 89,311
|
|
|
|
|
|
|
|
|