ග්‍රන්ථයේ නම
| කතෘ
| අන්තර්ගතය
| මුද්‍රණය කළ වර්ෂය
|
01. කෑගල්ල දිස්ත්‍රික්කය පිළිබඳ වාර්තාව (සිංහල පරිවර්තනය)
| කේ.බී.ඒ.එඩ්මන් මහතා (ආචාර්ය පණ්ඩිත)
| 1882 පැවති කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවති ගම් හා වෙහෙර විහාර දේවාල කොඩි ආදිය හා සමාජ සහ සංස්කෘතික විස්තර
| 2004
|
02. සරණංකර සංඝරාජ සමය
| කොටගම වාචිස්සර හිමි (පණ්ඩිත එම්.ඒ.පී.එඩ්.ඩී)
| අසරණ සරණ සරණංකර මල්වතු නාහිමියන්ගේ චරිතා ප්‍රදානය සහ ගෝල පරපුර අඩංගු කර මෙරට පෘතුගීසි යුගයේ සිට මහනුවර යුගය දක්වා ඉතිහාසය සහ කෑගල්ලේ අලගල්ල පාමුල මාකෙහෙල්වල විහාරය ඇසුරෙන් මුල් ලෙව්කේ දිසාවගෙන් අධ්‍යාපනය ලැබීම හා මෙරට සිල්වත් සංඝ සමාජයේ තොරතුරු හා සේවය.
| 1960
|
03. සාහිත්‍ය ත්‍රෛමාසිකය
| ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩල ප්‍රකාශකයෙකි.
| කෑගලු සාහිත්‍ය එහි පෞරාණික ස්ථාන සෙල්ලිපි සමහරක් සහ ජනප්‍රධානීන් ඇතුළු විවිධ විස්තර හා තොරතුරු.
| 1964
|
04. ඉර හඳ කොඩියට අධිපති පදෙස් අත්සන, පෙත්සම, මං නැතිදා, කෙටි කතා හා නවකතා
| ලීල් ගුණසේකර මහතා
| රජරට මෙන්ම කෑගලු පෙදෙසේ ගැමියන්ගේ සමාජමය ගැටළු හා දුක්ගැනවිලි අලලා ලියවී ඇත.
| . |
05. සතර කෝරල විත්ති
| ඩබ්.ඒ.සාලිරත්න මහතා
| වැඩිපුරම ඒ ඒ පත්තු සහ කෝරල ගම්වල තොරතුරැ සඳහන් වේ.
| 1964
|
06. පරණ විතාන සමරු දෙසුම්
| කෑගලු දිසාපති කපිල පතිරණ විමලධර්ම මහතා
| ආචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ සේවය අගය කරමින් කෑගල්ලේ සෙල්ලිපි හාතාගොඩ සහ බෙලිගල අලුත්නුවර දේවාලය ආදී පිළිබඳ විද්වතුන් කීප දෙනකුගේ ලිපි ඇතුලත් ග්‍රන්ථයකි.
| 1975
|
07. දැදිගම කොට වෙහෙර
| පුරාවිද්‍යා අධිකාරියේ සී.ඊ.ගොඩකුඹුර මහතා
| දැදිගම අත්පහන සහ පුරාවස්තු පිළිබඳ විස්තර සහ චෛත්‍යයේ සැලැස්මද ඇතුලත්ය.
| 1969
|
08. කෑගල්ලේ විහාර වංශය
| බන්දුල ලියනගේ ශ්‍රී ලංකාතිලක මහතා (ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති)
| දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල නාම ලේඛණ සහ ඒ ඒ ස්ථාන වන නිවැසි භික්ෂූන් වහන්සේලාගේ නාම ලේඛණ අඩංගු වේ.
| 1994
|
09. අසිරිමත් වට්ටාරම සහ මලියදේව පුරාණය
| එම්.ඩී.එම්.එස්.යටවර මහතා (ආචාර්ය ශාස්ත්‍රපති විශාරද ඩිප්ලෝමා)
| මුල් වට්ටාරම ග්‍රන්ථය යලි සංශෝධනය කරමින් ලියවුනකි.
| 2000
|
10. කෑගලු පුරාණය
| එම්.ඩී.එම්.එස්.යටවර මහතා (ආචාර්ය ශාස්ත්‍රපති විශාරද ඩිප්ලෝමා)
| කෑගලු දිස්ත්‍රික්කයේ වෙහෙර විහාර සංස්කෘතික තොරතුරු හා විස්තර අඩංගු ශාස්ත්‍රීය නිබන්ධයකි.
| 2000
|
11. අසිරිමත් දැදිගම සහ රජමහ වෙහෙර
| එම්.ඩී.එම්.එස්.යටවර මහතා (ආචාර්ය ශාස්ත්‍රපති විශාරද ඩිප්ලෝමා)
| දැදිගම රාජ්‍ය පිළිබඳ විවිධ විස්තර මෙහි ඇතුලත්ය.
| 2001
|
12. චෝල ප්‍රලය
| එම්.ඩී.එම්.එස්.යටවර මහතා (ආචාර්ය ශාස්ත්‍රපති විශාරද ඩිප්ලෝමා)
| මහා විජයබාහු වාකිරිගලදී සොලී සේනා උදෙසා ව
| 2005
|
13. විකුම්පෑ නීල මහා යෝධයා (ෙඑතිහාසික සිව් කෝරල ජන කතා)
| එම්.ඩී.එම්.එස්.යටවර මහතා (ආචාර්ය ශාස්ත්‍රපති විශාරද ඩිප්ලෝමා)
| කෑගල්ලේ ෙඑතිහාසික, පිළිම අලුත්නුවර හා පත්තිනි දේවිය ඇතුළු දෙව්වරු, ලෙව්කේ දිසාපති, නීල මහා යෝධයා යක්ෂ හා බහිරවයන් අරක්ගත් නිදන් පිළිබඳ ජනකතා එකතුවක් මෙහි ඇතුලත්ය.
| 2005
|
14. ඉසුරාබෝල වතුර හ කෑගලු ප්‍රවේණිය.
| එම්.ඩී.එම්.එස්.යටවර මහතා (ආචාර්ය ශාස්ත්‍රපති විශාරද ඩිප්ලෝමා)
| වතුරගම කේන්ද්‍ර කරගෙන අදාල කෝරලයේ ගම්වල ප්‍රාග් ෙඑතිහාසික මෙන්ම සමාජ තොරතුරු ඇතුළත්වූ පර්යේෂණ ග්‍රන්ථයකි
| 2005
|
15. දේවාල උපත
| එම්.ඩී.එම්.එස්.යටවර මහතා (ආචාර්ය ශාස්ත්‍රපති විශාරද ඩිප්ලෝමා)
| ලංකාවේ මුල්ම දෙවිවරු වන උපුල්වන් විෂ්ණු සමන් කතරගම ආදී දෙවිවරුන්ගේ සහ ඔවුන්ගේ දේවාල පිළිබඳ විස්තර ඇතුලත් පර්යේෂණ ග්‍රන්ථයකි.
| 2005
|
16. චූලබෝධි වංශයෙන් එළිවන පුණ්‍යභූමි
| එම්.ඩී.එම්.එස්.යටවර මහතා (ආචාර්ය ශාස්ත්‍රපති විශාරද ඩිප්ලෝමා)
| පැරණි බෝධි පිහිටි ස්ථාන සහ බෝධි විසිතුරු පිළිබඳ තොරතුරැ ඇතුලත්ය.
| . |
17. මොරතොට දිනපොත
| එම්.ඩී.එම්.එස්.යටවර මහතා (ආචාර්ය ශාස්ත්‍රපති විශාරද ඩිප්ලෝමා)
| රුවන්වැල්ලේ මොරතොට හිමිගේ සේවා සහ චරිතාප්‍රදානය පිළිබඳ ලියවුණු දිනපොත.
| . |
18. වෑවලදෙනිය විහාර වංශය සහ කෑගලු ප්‍රවේණිය
| එම්.ඩී.එම්.එස්.යටවර මහතා (ආචාර්ය ශාස්ත්‍රපති විශාරද ඩිප්ලෝමා)
| අදාල විහාරස්ථානයේ විසිතුරු මෙන්ම වීර කැප්පෙටිපොලගේ පියා එය ගොඩනැගීම පිළිබඳවත් තොරතුරු ඇතුලත්ය.
| 2007
|
19. සතර කෝරලයේ ඓතිහාසික හා සාහිත්‍ය විමර්ශණය
| ජී.ආර්.ගුණවර්ධන බණ්ඩා මහතා
| ප්‍රදේශයේ ඉතිහාසය සහ සාහිත්‍ය මෙන්ම පැරණි පිරිවෙන් පඬිවරු ආදි තොරතුරු විමර්ශනාත්මකව අගයන ග්‍රන්ථයකි.
| 1999
|
20. මාතලේ අළුවිහාරයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරෑඩ නොකළ වගයි.
| ජී.ආර්.ගුණවර්ධන බණ්ඩා මහතා
| මාතලේ අළුවිහාරයේ නොව කෑගල්ලේ අළුලෙනදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ නොකළ වගයි.
| 2002
|
21. කෑගලු ජනකවි
| සුදත් ප්‍රේමරත්න මහතා
| කෑගලු දිස්ත්‍රික්කයේ දෙවිවරු සූරසරදියෙල් පතල් ආදී ජනකවි විමර්ශනයකි.
| 2001
|
22. කෑගලු විත්ති
| කෑගලු දිසාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ ප්‍රකාශනයකි.
| කැගලු දිස්ත්‍රික්කයේ සමාජ හා සංස්කෘතික කටයුතු පිළිබඳ විමර්ශනයකි.
| 2002
|
23. සබරගමුව වංශ කථාව
| සබරගමු පළාත් සභාවේ ප්‍රකාශකයෙකි.
| කෑගල්ලේ දිස්ත්‍රික්කයේ මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඓතිහාසික ආගමික සමාජ සංස්කෘතික සහ ආර්ථික ආදී විවිධ තොරතුරු ඇතුලත්ය.
| 2003
|
24. සබරගමුව ප්‍රවේණිය
| ආචාර්ය එම්.පී.අබේවර්ධන මහතා
| රත්නපුර කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්කයන්හි ස්වාභාවික සංස්කෘතික හා ෙඑතිහාසික, වෙහෙර විහාර පිළිබඳ සහ සබරගමුවේ සංවර්ධන බැංකු විස්තරද මෙහි ඇත.
| 2005
|
25. රඹුක්කන දියසුන්නත (කීර්ති ශ්‍රී රාජසිංහ රජමහ විහාරය)
| කේ.ඒ.සුමිත් ධර්ම ශ්‍රී මහතා
| අදාල ස්ථානයේ පිහිටි විහාරය එහි ඉතිහාසය ආගමික මෙන්ම සංස්කෘතික අගයෙන් යුතු තොරතුරු හා කෞතුක වස්තු පිළිබඳ ඡායාරූපද ඇතුලත්ය.
| . |
26. සුසර මංගල සමරු කලාපය
| කෑගල්ල නගර සභාවේ මහජන පුස්තකාලයීය ප්‍රකාශනයකි.
| අපරාද සහ කෑගල්ල පොලිස් කොට්ඨාශය, බෝගල පතල ඇතුලත් ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තය සහ සංස්කෘතික පසුබිම වැනි ලිපි එකතුවකි.
| 2005
|