කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
 
 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

පොදු නිවේදන
ජාතික ඵලදායීතා සම්මානය 2006  

2006 වසරේ ජාතික ඵලදායීතා සම්මාන උළෙලේ බස්නාහිර පළාත් අන්තර් දෙපාර්තමේන්තු තරගයේ තුන්වන ස්ථානය කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් දිනාගන්නා ලදී.

ගාල්ලේ "ඩි හෝල්" ශාලාවේදී 2006 දෙසැම්බර් 08 දින පැවති උත්සවයේදී මෙම සම්මානය ගරු කම්කරු සබදතා හා විදේශ රැකියා අමාත්‍ය අතාවුද සෙනවිරත්න මැතිතුමා අතින් කොළඹ දිස්ත්‍රික් ලේකම් ජී.ඒ.ජේ. සිල්වෙස්ටර් මහතා වෙත පිරිනමන ලදී.

  "දිරිය පියස" කොළඹ දිස්ත්‍රික්කයට  නිවාස 85ක්  

“ දිරිය පියස ” සමෘද්ධි නිවාස වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්ක‍යේ  තෝරාගත් පවුල් 85ක් සදහා නිවාස ඉදිකිරීමට මූලික පියවර ගෙන ඇත. එක් නිවසක වටිනාකම රු. 250,000/- ක් පමණ වේ.
මෙම මුදලින් රු. 50,000/- ක් ශ්‍රි ලංකා සමෘද්ධි අධිකාරියේ සමාජ සංවර්ධන අංශය මගින් ද ඉතිරි මුදල පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් ද ප්‍රදානය කිරීමට කටයුතු කර ඇත.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා හංවැල්ල, කැස්බෑව, හෝමාගම, පාදුක්ක, රත්මලාන, කොළඹ, කොළොන්නාව හා මහරගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තෝරාගෙන ඇත.

 
 
   
 
   
 
 
 
English Tamil