අකුණු සහිත කාලගුණ තත්වයක් පවතින අවස්ථාවලදී සැලකිලිමත් විය යුතු කරැණු 1. ක්‍රීඩා පිට, තේවතු හෝ කුඹුරැ වැනි විවෘත ස්ථාන වල ගැවසීම සීමා කරන්න. විශේෂයෙන්ම, උදලු, අලවංගු වැනි උපකරණ භාවිතා කරමින් එළිමහනේ කටයුතු කිරීමෙන් වලකින්න. මෙය නොවැලැක්විය හැකි නම් දෙපා ආසන්නව තබා පහත්වෙන්න. වියලි පාවහන් පැළඳීම හෝ පරිවාරක ද්‍රව්‍ය මත සිටීම. ආරක්ෂාව වඩාත් තහවුරැ කරයි. 2. හුදෙකලා වෘක්ෂ අසල හෝ උස්භූමිවල නොරැදෙන්න. නොවැලැක්විය හැකි හේතුවක් නිසා ගසක් අසල සිටීමට සිදුවේනම්, අතුවිහිදී ඇති සීමාවෙන් පිටත සිටීමට උත්සාහ කරන්න. 3. ස්ථානය කුමක් වුවත් ශරීරයේ ක්‍රියාකාරී උස ප්‍රමාණය අඩුකරලීම සඳහා වාඩිවී හෝ සයනයක දිගාවී සිටින්න. 4. විවෘත බෝට්ටුවකදී නම් වාඩිවී සිටින්න. නැතිනම් තරමක් උස් වූ ජැටියක් හෝ පාලමක් යට ඒ හා සෘජු ස්පර්ශයක් නොමැතිව නැංගූරම් ලෑම ආරක්ෂාව වැඩි කරයි. 5. අශ්වයන් පිටයාම, පාපැදි, යතුරැපැදි සහ ට්‍රැක්ටර් වැනි විවෘත වාහන පැදවීම නොකරන්න.
6. ජලාශවල පිහිනීම හෝ ජලය ඇති ස්ථාන මත ඇවිදීමෙන් වලකින්න. නායයෑම් නායයෑමට බලපාන හේතු
- ස්වාභාවික හේතු
- කඳු නිම්න සෑදී ඇති පාෂාන වර්ග
- ගැඹුරට ජීර්ණය වූ පාෂාණ ස්ථර පැවතීම
- පාෂාණය මත පිහිටි ජීර්ණය වූ පස් තට්ටුවේ වැඩීමේ ස්වභාවය
- කුස්තුර පද්ධති වලින් සමන්විත පාෂාණ ව්‍යුහ
- ගුරුත්වය යටතේ විස්ථාපනය වී සෑදුනු පස් තට්ටු තිබීම (සුනු පහන් පස්)
- කඳු බෑවුම් වල ආනතිය
- කඳු බෑවුම් මෝසම් වැසි දිශාවට යොමු වී තිබීම
- වර්ෂා පතනයේ තීව්‍රතාවය
- දුර්වල ජලවහන රටාව සහ පස් ස්ථර සහ පාෂාණවල පැලුම් තුලින් ක්‍ෂණිකව ජලය කාන්දු වීම
2. මිනිස් ක්‍රියාකාරකම්
- නිසි සැලසුමකින් තොරව හෙවත් අවිධිමත් ලෙස සිදු කරනු ලබන ඉඩම් පරිහරණ කටයුතු
- ඉදිකිරීම් කටයුතුවලදී ප්‍රමාණවත් ගවේශණ හා සැලසුම් නොමැතිකම
- නිසියාකාර ගවේශණයකින් තොරව ගල් වලවල් පවත්වාගෙන යාම සහ අක්‍රමවත් ලෙස ගල් පිපිරවීම ආදී කරුණු
- ස්වාභාවික ජල මාර්ග අවහිර කිරීම හා උස් බිම්වල ජලය රඳවා තැබීම
- අනතුරැදායක බෑවුම්වල වගා කටයුතු සිදු කිරීම
- යන්ත්‍ර මඟින් ශාඛ උගුල්ලා දැමීම (රබර් ගස් වැනි)
නායයෑම්වලට ගොදුරු වන ප්‍රදේශ හඳුනාගන්නේ කෙසේද? නායයෑම් වලට ගොදුරු වන ප්‍රදේශ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. 1 . දැනටමත් නායයෑමට ගොදුරු වූ ප්‍රදේශ 2 . නාය යා හැකි යයි අනුමාන කල හැකි, තවමත් නාය යෑම් වලට ලක් නොවූ ප්‍රදේශ
මෙවැනි ස්ථාන හඳුනාගත හැකි නොයෙකුත් පූර්ව සලකුණු මෙම ප්‍රදේශ වලින් හමුවේ.
- පොළොව ඉරිතැලීම්, ගැඹුරට හෑරුණු පැලුම් ආදිය තිබීම
- පොළොව ගිලා බැසීම් සිදුවීම
- කලින් කල ක්‍රම ක්‍රමයෙන් ඇලව යන ගස්, කුළුණු හා කණු දක්නට ලැබීම
- ගල් පෙරළීම, ගල් හෙමිහිට ක්‍රමයෙන් තල්ලු වීම සහ පොළොව ක්‍රමයෙන් තල්ලු වීම
- බෑවුම් වල ඇති ගොඩනැඟිලිවල, පොලව සහ බිත්ති වල පහළ මට්ටමේ සිට ඇති වන පැලුම් ආදිය
- එම පැලුම් ක්‍රමයෙන් විශාල වීම
- බෑවුමේ පහල කලාපයේ හිටි හැටියේ ජල උල්පත්/ මඩ සහිත ජල උල්පත් මතුවීම
- බෑවුමේ ඉහල කලාපයේ පෙර තිබූ ජල උල්පත් සහ ජල පහර ක්‍රමයෙන් නැති වී යාම
- කුඩා හෝ විශාල වශයෙන් පස් තට්ටු තල්ලු වී යාම
තොරතුර - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, මාතලේ. |