මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 
     
 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
ප්‍රවෘත්ති සහ සිදුවීම
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින්
ප්‍රකාශයට පත් කරන ලද
“මාතුල දනව්ව”
පුවත්පත පසුගියදා
නාගරික සංවර්ධන අමාත්‍ය,
ගරු රෝහණ දිසානායක මැතිතුමන් වෙත
පිළිගන්වන ලදී.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ
මාතලේ දිස්ත්‍රික් ලේකම්,

එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා විසින්
ගරු අමාත්‍යතුමාට වෙත එය පිළිගැන්වූ අවස්ථාවයි.



ජාතික මට්ටමේ අන්තර් දෙපාර්තමේන්තු අතර පැවති ඵලදායිතා තරඟාවලියේදී විශේෂ කුසලතා සම්මානයක් දිනා ගැනීමට මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හැකිවිය.

ඒ අනුව ඉකුත්දා කොළඹදී, ජනාධිපති ලේකම්තුමන් ප්‍රමුඛ සම්භාවනීය පරිසකගේ
ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
එම උත්සවයේදී
මාතලේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති
එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා විසින්
එම සම්මානය ලබා ගන්නා ලදී.


දිස්ත්‍රික් මාධ්‍ය නිලධාරී


ජාතික ඵලදායිතා තරඟාවලියෙන් මාතලේට ජයග්‍රහන හයක්
කම්කරු සමබඳතා සහ මිනිස් බල අමාත්‍යාංශයේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් 2006 වසර සඳහා පවත්වනු ලැබූ ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලි‍යේදී  මධ්‍යම පලාතේ අන්තර් දෙපාර්තමේන්තු අතර තරඟයෙන් මාතලේ දිස්ත්‍රික්කයට ජයග්‍රහන රැසක් හිමිව තිබේ.
ඒ අනුව මධ්‍යම පලාතේ රාජ්‍ය අංශයේ අන්තර් දෙපාර්තමේන්තු කාණ්ඩය යටතේ තරඟ කළ
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට
තුන්වෙනි ස්ථානය හිමිවී ඇති අතර, 
නියමිත ලකුණු සීමාවට නොපැමිණීම හේතුවෙන් පළමු සහ දෙවැනි ස්ථාන වලින් එකක්වත් කිසිම රජයේ කාර්යාලයකට හිමිවී නොතිබීම මෙහි විශේෂත්වයකි.

 

award


Award with G.A.
Staff-1

Staff-3
Staff-2


මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ලබා ගත් මෙම සම්මානයට අමතරව මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර පැවති තරගයෙන් ද මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල සහ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල
ප්‍රථම ස්ථාන හිමිකර ගෙන තිබේ.
මාතලේ අඹන්ගඟ කෝරළේ ප්‍රා‍දේශීය ‍ලේකම් කාර්යාලය මෙම තරඟයෙන් තුන්වෙනි ස්ථානය හිමි කර ගෙන ඇති අතර, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට විශිෂ්ඨ කුසලතා සම්මානයක්  හිමිව තිබේ. 
රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහ මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ද කුසලතා සම්මාන හිමිව තිබේ. 
ඒ අනුව මෙවර තරගාවලියෙන් මාතලේ දිස්ත්‍රික්කයට සම්මාන 07 ක් හිමිවී ඇති අතර, ඵලදායිතා තරඟයකදී මාතලේ දිස්ත්‍රික්කයට වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමි වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සඳහන් කළ හැකිය.
   -දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය-
 

 


 

 
     
Home Contact Us DS Portal Tamil English