මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
  ව්‍යසන කළමනාකරණය‍  
  මාතර දිස්ත්‍රික්කයේ 2003-05-17 වෙනි ‍දින සිදු වූ ගංවතුර  සහ කදු නායයෑම දිස්ත්‍රක්කය මුහුණ දුන් ඉතා අවාසනාවන්ත සිදුවිමක් වශයෙන් හැදින්වීම උචිතයැයි හැගේ.ගංවතුර වැලැක්වීමේ පියවරක් වශයෙන් ඇතිකරන ලද නිල්වලා ගග යෝජනා ක්‍රමයට පෙර 1947, 1956 වර්ෂවල පැවති ගංවතුර හානි හා සසදා බලන කල මෙම ව්‍යසනය ඉතා ශෝචනීය තත්වයක් උදා කර ඇත.මිනිසාගේ ආර්ථික ක%ියාකාරකම්  තුලින් සිදුවූ පාරිසරික වෙනස්කමි ද මෙම තත්වයට හේතු වන්නට ඇතැයි සිතිය හැක.

මෙම කාල පරිච්චේදය තුල මාතර දිස්ත්‍රක්කයට නිරිත දිග මෝසම් සුළං  වැසි ලැබෙන බැවින්  අධික වැසි සහිත කාලයකි. නමුත් එම දිනයේ 2003.05.16 පැය විසහරතක් තුල මිලිමීටර් 350 කට අධික වර්ෂාවක් සිංහරාජ අඩවියට ඇදහැලිම අහබු සිදුවිමක් ලෙසින් දැක්විය හැකිය. මේනිසා සිංහරාජ අඩවිය දෙසින් ඇරඹී දිස්ත්‍රික්කය  මැදින් ගලා බස්නා නිල්වලා නදිය තම ගමන් මග වෙනස් කිරිමට සමත් , ජලධාරවක් රැගෙන , ඉතාමත් රෞද්‍ර විලාසයෙන් ගලා බැසිමට පටන් ගැනිනී. අපට ගම්බිම් විනාශ කරමින් දිස්ත්‍රික්කයටම හිමිකර දුන් අලාභය ඉමහත්ය. ජනතාවගේ  සාමාන්‍ය ජන ජීවිතය හා සාමාජ ආර්ථික පද්ධිතියම සති කිහිපයකටම අඩාල කර විමට මෙම හදිසි උවදුර  සමත් විය.

ඒ සමගම ඇති වු චන්ඩ මාරුතය හා  කදු නානායැම් බලපැමෙන්ද මෙම විනාශය තව තවත් වැඩි දියුණු විය. මාතර දිස්ත්‍රික්කයේ මෙම ව්‍යසනය පස්ගොඩ, කොටපොල, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි සියලුම ග්‍රාම නිලධාරි වසම් බිළි ගැනිමට සමත් විය. දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 650 න් 351 ක් මිට ගොදුරු වුහ. (62%)

දිස්ත්‍රික්කයේ මුඵ පවුල් සංඛ්‍යාවෙන් 26% පමණ තාවකාලිව විපතට පත් විය. මෙම අවස්ථාවේ අතුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුඵ පවුල් සංඛ්‍යාවෙන් 99.8% ක්ම ව්‍යසනය පත් විය. එසේම නිවාස 2138 ක්  සම්පුර්ණයෙන්ම  නිවාස 5662 ක් අර්ධ වශයෙන් ද විනාශ විම තුලින් ජනතාවට මහත් අපහසුතාවලට මුහුණු පෑමට සිදු විය.
 මෙම හදිසි උවදුර නිසා මාතර දිස්ත්‍රික්කයේ මුඵ කෘෂි කර්මික ඉඩම් ප්‍රමාණයෙන් 6.5% ප්‍රමාණයක් වගා හානියට හසුවු අතර මෙම වගාවන් අතරින් වී වගාව ප්‍රධාන වශයෙන් ලා සැලකිය හැකිය. දිස්ත්‍රික්කයේ විශාල කර්මාන්ත ශාලා 125 ට පමණ හා ව්‍යාපාරික ස්ථාන 1300 ට පමණ එම අවස්ථාවේ  අලාභ හානි සිදු විය. 
 මෙම සියලු විපත්  හා අලාභ ජනතාවට විදගැනිමට හැකි වුවද ගංවතුරින් ජිවිත 30 ක් ද නායයෑම් වලින් ජිවිත 34 ක් ද බිළි ගැනිම කෙසේ නම් විදධරා ගත හැකි ද. එසේම කදු නායයෑම් නිසා තවත් ජිවිත 17 ක් අතුරුදහන් වි  ඇත.

 
 
Home Contact Us DS Portal English Tamil