මාතර  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 
භෞතික පසුතලය
දර්ශනීය මුහුදු තීරයකින් හා ස්වභාව සෞන්දර්යෙන් පිරි සාඩම්බර  ඉතිහාසයකට උරැමකමි කියන මාතර දිස්ත්‍රික්කය දක්ෂිණ ලංකාවේ  ගාල්ල හා හම්බන්තොට  දිස්ත්‍රික්කයන්ට මැදිව පිහිටි සරැසාර ප්‍රදේශයකි. උතුරැ අක්ෂාංශ අංශක 5.8 සහ 6.4 අතරත් නැගෙනහිර දේශාංශ 80.4 සහ 81.7 අතරත් මෙම දිස්ත්‍රික්කය පිහිටා ඇත. ව.කි.මී. 1282.5 ක් හෙවත් හෙක්ටයාර් 128 250 ක  භූමි ප්‍රමාණයක වපසරියකින් යුත් මාතර දිස්ත්‍රික්කය වෙරළබඩ සිට මීටර් 1158 දක්වා නැගීමක් පෙන්නුම් කරන අතර  කදුකරයේදී  මහේෂාක්‍ය සිංහරාජ වනාන්තරයෙන්ද හා ආකර්ශනීය දිය ඇළි වලින් සමන්විත ‍වේ.  ලක්බිම් මුඵ බිම් ප්‍රමාණයෙන් 1.96% ක් වන මෙම දිස්ත්‍රික්කය දකුණු පලාතෙන් 23.14 ක් පමණ වේ.

දකුණින් දර්ශනීය මුහුදු තීරයකින්ද , උතුරින් රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ගෙන්ද ,  බටහිරින් ගාල්ල දිස්ත්‍රික්කයේ  හබරාදුව, ඉමදුව, යක්කලමුල්ල, තවලම, නෙඵව යන ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශයන්ගෙන්ද , නැගෙනහිරින් හමබන්තොට දිස්ත්‍රික්කයේ ඕකේවෙල , බෙලිඅත්ත, කටුවන, වලස්මුල්ල සහ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ගෙන්ද මායිම් මාතර දිස්ත්‍රික්කය පිහිටා තිබේ.

මාතර දිස්ත්‍රික්කයට කි.මී. 55 ක් දිග දර්ශනීය වෙරළ තීරයක් හිමිව ඇත. එය දික්වැල්ල නිල්වැල්ල  සිට වැලිගම මිදිගම දක්වා විහිදී තිබේ. මෙම වෙරළෙන් 85% ක් පමණ නිරිතදිග මෝසම් සුළං හමන රටාවට ලම්බාකාර පිහිටා ඇත. මාතර දිස්ත්‍රික්කය ආශ්‍රීත මහද්වීපිත තටාකයේ පළල කි.මි. 7 ක් පමණ වේ. මේ හැරුණු විට දකුණේ සිට රට අභ්‍යන්තරයට සිංහරාජ අඩවිය දක්වා කි.මී. 64 ක පමණ විහිදීමක් ඇත. 

මාතර දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 කින් සමන්විත වන අතර ග්‍රාම නිලධාරි කොට්ඨාශ 650 කට බෙදා  වෙන් කර  ඇත. 

දේශගුණික රටාව

මාතර දිස්ත්‍රික්කය දේශගුණික කලාප අනුව බලන කල පහත රට තෙත් කලාපයට අයත්ය. දිස්ත්‍රික්කයේ දේශගුණික රටාව දිවයිනේ සාමාන්‍ය තත්ත්වය හා සමානව පවති. දිස්ත්‍රික්කයේ මාසික උෂ්ණත්වය ඉහල අගයක් ගනුයේ පෙබරවාරි ,මාර්තු හා අප්‍රේල් යන මාස වලදීය නමුත් අඩුම උෂ්ණත්වය පවතින නොවැම්බර් හා දෙසැම්බර් කාලය හා සසදන විට උෂ්ණත්වයේ විචලතාවයක් දක්නට නොමැත. දශක තුනක උෂ්ණත්වය සාමාන්‍ය ගත්විට සෙන්ටිග්‍රේට් අංශක 26.7 ක් පමණ දක්නට ලැබේ.
 

ඓතිහාසික තොරතුරු

රවණා යුගය තෙක් දිවෙන ඉතිහාසයකට උරුමකම් කියනු ලබන මාතර  පුරවරය කුළවතුන්ගේ  මගධයද,ධනවතුන්ගේ තක්සලාවද වශයෙන් සිංහල මහාවංශයේ කතුවරයා හදුන්වාදෙනු ලබන්නේ මහත් ගෞරවයෙනි.මෙම  ප්‍රදේශය අතීතයේ රාජකීයයන්ගේ නිජබිමක් වුවා පමණක් නොවශාස්ත්‍රීය කටයුතු අතින්ද ප්‍රමුඛත්වය ගෙන තිබී ඇත. 18 වන ශත වර්ෂයේ  අගභාගයේ සිට 19 වන ශත වර්ෂය මුල් භාගය දක්වා වු මාතර සාහිත්‍ය යුගයේ ධර්ම ශාස්ත්‍රීය කේන්ද්‍රස්ථානයක් වශයෙන් මාතර ප්‍රදේශය ප්‍රචලිත විය.

උගතුන්ගේ දේශාටකයින්ගේ, කවීන්ගේ ඉමහත් ප්‍රසාදයට ලක් වු ඉතිහාසයේ, මාතොට, නමින් හැදින්වු නගරය පසුව, මාතොට වී, මාතර යනුවෙන් ජනවහරට එක් විය.

විජයවතරනයට පෙර සිට මාතර නාග ගෝත්‍රික බලය පැවැති පෙදෙසක් බවට පුරා විද්‍යාත්මක සාක්ෂි ඇසුරින් තහවුරු වී ඇත. එකල රුහුණුට පලා ගිය මුටසීව රජු මහානාම කුමරු ආදීන් නාග ගෝත්‍රිකයන් බවට පෙන්නුම කර ඇත. එමෙන්ම දැනට ව්‍යවහාරයේ පවතින නාවිමන, නාදුගල, නායිම්වල, නාඔටුන්න, නාරද්ද වැනි ගම්වල නාග ගෝත්‍රිකයින්  වාසය කළ බව ඉතිහාසයේ සදහන් වේ.

රුහුණු ප්‍රදේශයේ ඡන්ම ලාබය ලත්  දප්පුල රජු මාතර ජනතාව අතර දාපුඵසෙන් නමින් ප්‍රසිද්ධියට පත්වු බව ඉතිහාසයේ සදහන් ‍‍වේ. මහා විජයබාහු රජුද, මාතර ප්‍රාදේශීයේ  ජිවත්ව සිට ඈපා පදවි ලද බවට තොරතුරු හෙළිවේ.

වැලිගම ප්‍රදේශයේ පිහිටි කප්පරතොට විදේශකයින්ගේ  වෙළද යාත්‍රා නැංගුරම්ලා තිබු වරායක් වශයෙන් ද ,වැලිගම අග්‍රබෝධි විහාරය දේවානම් පියතිස්ස සමයේ කරවන ලද්දක් බවට ද පැරණි පොත පතෙහි සදහන් වේ.එසේම මාතර නගරයේ පිහිටි හත්බෝධි වත්ත හා මාතර බෝධිය, කුමාරදාස රාජ්‍ය සමයේ ගොඩනගන ලද්දකී. මේ අයුරින් බලන කල මාතර පුරවරය මහත් අභිමානවත් ඉතිහාසයකට උරුමකම් ඇත.                                                                   

ශ්‍රී ලංකාව විදේශීය ආක්‍රමණවලට ගොදුරුව පැවති අවධියේ පෘතුගීසින් විසින් අගනා වාණිජ මධ්‍යස්ථානයක් වශයෙන් මාතර හදුනාගෙන තිබු අතර, කෝට්ටේ රාජධානියට අයත් විශාලතම හා සමෘද්ධිමත් කලාපය වු මාතර දිපවානිය  නමින් ද හැදින්වීය.  එවකට සිට එකම සිංහල දිසාපතිවරයා වුයේද දොන් ප්‍රනාන්දු සමරකෝන් නැමති මාතර දිස්ත්‍රික්කයේ උපත ලද ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි.

18 වන ශත වර්ෂයේ  අප රට ලන්දේසි ලපාලනයට යටත්වු පසු, මුහුදුබඩ පළාත් ගාල්ල, කොළඹ, යාපනය වශයෙන් කොට්ඨාශයට මාතර ද අයත්වු අතර, පරිපාලන පහසුව සදහා නැවත මාතර ආදායම් පාලක කොට්ඨාශ 05 කට  බෙදා වෙන් කරන ලදි.

1789 දී මුහුදු බඩ පාලනයද, 1815 දී උඩරට පාලනයද නතුකර ගත් ඉංශ්‍රීසින් විසින් ප්‍රාදේශීය පාලනයේ පහසුව සදහා සෑම පළාතක්ම දිස්ත්‍රික්ක කිහිපයකට බෙදා උප ඒජන්තවරයෙක් යටතට පත් කරන ලදි. 1890 පමණ වන විට පළාත් ඒජන්තට වග කියන උප ඒජන්ත සහාය වීමට දිස්ත්‍රික්කය, පරිපාලන කොට්ඨාශ 5 කට බෙදා මුදලිවරු පත්කරන ලදි.

මේ අන්දමට විදේශිකයින් පාලන කටයුතු ගෙන යාමේදි පාලන මධ්‍යස්ථානයක් වශයෙන් මාතරට  ලබාදී  තිබු වැදගත්කම එම කාලයේ සිට පැවත එන නෂ්ඨාවශේෂ වලින් නුතන යුගයේද දැකගත හැකිය. පෘතුශීසින් විසින් තනන ලද මාතර  කොටුව, ලන්දේසීන් විසින් තනන ලද මාතර දිස්ත්‍රික්කයේ මාතර අභිමානවත් ඉතිහාසය ගෙන හැර පානු ලැබේ.

මාතර දිස්ත්‍රික්කය තුල පිහිටි චිත්තාකර්ශණිය ස්ථාන නුතන යුගයේ ද සංචාරකයින්ගේ පාරාදීසයක් වී ඇත. උමං විහාරය හා විශිෂ්ඨ  බිතු සිතුවම් සහිත වෙහෙරහේන, වැවුරැකන්නල පුරාණ විහාරය, දෙවිනුවර හා ගැටබරු දේවාල,  මාතර බෝධිරාජයා ඓතිහාසික උරුමයන් අතර සමහරකී. මාතර පුරවරය දේශමාමකත්වයෙන්  ජාතිවත්සල්‍යයෙන්, ආගමික භක්තියෙන් පිරිපුන් උදාරතර ජනකොටසකගේ නිජබිම ‍වේ.

මාරත දිස්ත්‍රික්කයේ සහකාර ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේ නාම ලේඛනය

1901      -                                                   කේ.මැක්ලියොඩ් මහතා
1902   -        1903                           ජේ.ඕ.කේ. මුර්ති මහතා
1904-     1906                       ජී.කුක්සන් මහතා
1907-      1909                       ඩබ්.එල්.කින්ඩර්ස්ලි මහතා
1910 -    1911                       ඒ.සී.ඇල්නට් මහතා
1912 -    1915                       ජි.එෆ්.ආර්.බ්රව්නිං මහතා
1916 -    1918                       ටි.රිඩ්. මහතා
1919 -    1922                       ජේ.ඩි. බ්රව්න් මහතා
1923 -    1924                       ජි.එස්.වොඩමන් මහතා
1925 -    1926                       ඒ.එන්.ස්ට්‍රෝං මහතා
1927 -    1928                       එම්.කේ.ටී.සැන්ඩිස් මහතා
1929 -                                 ආර්.එම්.එම්. වර්ස්ලි මහතා
1930     1931                        එච්.ජේ.එල්. ලෙයික්ලෙයාර් මහතා
1932 -    1933                       එස්.එච්. වාඩියා මහතා
1934 -    1935                       සී.ජේ.ඩේන් ලන්ක්ට්‍රි මහතා
1936    1938                        ජි.එල්.ඩි. ඩේව්ඩ්සන් මහතා
1939 -                                 ආර්.වයි.ඩැනියෙල් මහතා
1940 -                                 සි.එස්.ඉන්ග්ලිඩෝ මහතා
1941 -    1945                       ඒ.එස්.කොහොඹන් වික්‍රම මහතා
1945 -    1948                       ඒ.ඒ. එම්.එස්.පෙරේරා මහතා
1948 -    1949                       නීල් ක්වින්ටස් ඩයස් මහතා
1949 -    1951                       එච්.සී. ගුණවර්ධන මහතා
1951 -    1953                       ඔගස්ටස් ඔක්ටේවියස් වීරසිංහ මහතා
1953 -    1955                       ටී. එරංග ගුණරත්න මහතා

මාරත දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේ නාම ලේඛනය
1955 සිට මේ දක්වා
1955.08.01 -         1956.12.14           හී.පී.බී.ඒ.ජේ.පී.සේනාරත්න මහතා
1956.12.15 -         1957.06.30           ඇන්තනි ලොයිඩ් පෙරේරා මහතා
1957.07.01 -         1958.09.30           බුද්ධි හෙන්රි ද සොයිසා මහතා
1958.10.01 -         1961.01.31           අහමඩ් ඉස්මයිල් මොහිදින් මහතා
1961.02.01 -         1961.12.01           ඒ.පි.සිවනොලොන්දු නවරත්න රාජා මහතා
1962.01.01 -         1964.08.31           එම්.ආර්.අමීම් මහතා
1964.09.01 -         1967.01.31           එෆ්.සි. පීටර්ස් මහතා
1967.02.01 -         1970.06.30           එම්.එල්.ජේ.වික්‍රමරත්න මහතා
1970.07.01 -         1971.05.30           ටී.දේවේන්ද්‍ර මහතා
1971.06.01 -         1973.12.31           ජි.ඒ.එම්.කරුණාරත්න මහතා
1974.01.01 -         1975.12.31           ඩබ්.ඒ.එල්.විජයපාල මහතා
0976.01.01 -         1976.08.31           පි.ජි.එස්.යු. ද සිල්වා මහතා
1976.09.01 -         1978.02.28           කේ.ඒ. කරුණාරත්න මහතා
1978.03.01 -         1980.12.31           එන්.වී.කේ.කේ.වේරගොඩ මහතා
1981.01.01 -         1983.07.31           එස්. සිල්වනන්දන් මහතා
1983.08.01 -         1983.10.31           ආර්.ඒ.ඒ. රණවීර මහතා
1983.11.01 -         1989.01.31           ක්‍රිස්ට් සිල්වා මහතා
1989.02.01 -         1998.04.14           එස්.කේ.චන්ද්‍රසෝම මහතා
1998.04.15 -         2004.01.05           ජි.එස්. එදිරවීර මහතා
2004.01.06 -         2004.07.25           ජයලත් ර.වී. දිසානායක මහතා                           
2004.07.26 -                                      එච්.ජි.එස්.ජයසේකර මහතා

 

 

 
 
Home Contact Us DS Portal English Tamil