පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 
     
 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 

ඉදිරි වැඩ සැලැස්ම

  • ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලනය කාර්යක්ෂම කිරීම උදෙසා  ක්‍රියාපිළිවෙත් අධීක්ෂණය කිරීම හා මාර්ගෝපදේශන ඉදිරිපත් කිරීම.
  • දිස්ත්‍රික් අයවැය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන සැලසුම් සහගතව යොදවමින්  වසර තුළ අපේක්ෂිත කාර්යයන් සදහා යොදවා දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු මෙහෙයවීම.

  • වාර්ෂික රැස්වීම් පවත්වමින් කෘෂිකර්ම, ධීවර, නිවාස, පරිසර, ආපදාකළමණාකරණ,රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධිකරන, දිශා සාසනාරක්ෂණ, රැකීරක්ෂා හා ඵලදායීතා, දිස්ත්‍රික් ළමා සංවර්ධන, දිස්ත්‍රික් ආරක්ෂණ, දිස්ත්‍රික් කර්මාන්ත සංවර්ධන හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ යන කමිටු පවත්වමින් ඒ ඒ විෂය පථයන් මෙහෙයවීම, ප්‍රගතිය වාර්තා කිරීම හා ක්‍රියාවන් අධීක්ෂණය.

 

  • පොදු උත්සව කටයුතු සංවිධානය කිරීම හා ප්‍රගතිය වාර්තා කිරීම.
  • ගොඩනැගිලි ඉදි කිරීම සදහා වෙන්කරන ප්‍රතිපාදන අදාළ කටයුතු සදහා වැය කරමින් නිරතුරු අධීක්ෂණය, ඉඩම් අත්පත් කර ගැනීම හා ප්‍රතිපාදන නිදහස් කරගනිමින් ගොඩනැගිලි ඉදිකිරීම.
  • පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 හි රේකීය අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ ව්‍යාපෘති හා වැඩසටහන් වල කාර්යඵලය මැනීම හා ප්‍රගතිය වාර්තා කිරීම.

  • දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට ආයතන කටයුතු,  ගිණුම් කටයුතු ද හා දෙමළ භාෂාව ද ප්‍රගුණ කිරීමට පහසුකම් සැලසීම හා පුහුණු පන්ති පැවැත්වීම.

  • ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින්  ගෘහමූලික ලැයිස්තු ග්‍රාම නිලධාරීන්ලවා  සම්පූර්ණ කරවීම, දත්ත පරිගණකගත කිරීම හා දත්ත පද්ධති සකස් කිරීමේ ප්‍රගතිය සොයා බැලීම හා අවශ්‍ය කටයුතු අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණය කිරීම.
  • පුත්තලම දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සදහා පුරවැසි ප්‍රඥප්ති පිළිවෙල කොට ඒ අනුව ක්‍රියා කිරීම.

  • ඵලදායීතාව ඉහල මට්ටමක පවත්වාගෙන යාම හා ඊට නියමිත තරග සදහා ඉදිරිපත් වීම සදහා කාර්යාල කටයුතු සංවිධානය කිරීම හා මෙහෙයවීම.

  • ආපදා අවම කිරීමට විධිවිධාන සැලසීම හා ආපදාවලට ලක් වූ අය වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම.
  • පශ්චාත් සුනාමි කටයුතු අධීක්ෂණය.

 

 
     
Home Contact Us DS Portal Tamil English