පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 
     
 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 

පිහිටීම මුල් කරගත් තොරතුරු

උතුරු අක්ෂාංශ 080.02, හා දකුණු දේශාංශ 790.50.  ස්ථානගත වේ. මුහුදූ මට්ටමේ මීටර 2.13 ක් වූ සාමාන්‍ය උසින් ශ්‍රී ලංකාවේ වයඹ දිශාවට සම්බන්ධ උතුරින් මෝදරගම් ආරු ද, නැගෙනහිරින් අනුරාධපුර හා කුරුණෑගල දිස්ත්‍රික්ක ද, දකුණින් මා ඔය ද, බටහිරින් ඉන්දියන් සාගරය ද සීමා වී පුත්තලම දිස්ත්‍රික්කය පිහිටා ඇත.

දිගින් කි.මී. 288 ක් වූ වෙරළබඩ තීරය ද, අභ්‍යන්තර ජල ප්‍රදේශය ද සමග ව.කි.මී. 3072 ක භූමී ප්‍රමාණයක් වන මෙම දිස්ත්‍රික්කයේ නගර සභා 2 ක් හා ප්‍රාදේශීය සභා 10 කින් සමන්විත වේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 ක් හා ග්‍රාම නිලධාරි කොට්ඨාශ 548 ක ව්මධ්‍යගත පරිපාලන ව්‍යූහයක් දැකිය හැකි අතර ගම්මාන 1395 ක් පිහිටා ඇත.

පුත්තලම දිස්ත්‍රික්කයේ ඇස්තමේන්තුගත මුලු ජනගහනය 709,677 ක් වන අතර එය සිංහල, මුස්ලිම්, දෙමළ, වෙනත් ජාතීන් වශයෙන් දැකිය හැකිය.

භූගෝලීය ලක්ෂණ

ශ්‍රී ලංකාවේ භූ විෂමතා කලාප යටතට ගැනෙන උතුරදිග තැනිතලා කලාපයට මෙම භූමීය අයත්වේ. කල්පිටියට ආසන්යේ පිහිටි බත්තලන්ගුංඩුව, ඩච්බේ වැනි දූපත් කීපයක් හැරුණු විට සමස්ථයක් වශයෙන් පුත්තලම දිස්ත්‍රික්කය ඒකාබද්ධව පිහිටා ඇත.

 ඓතිහාසික පසුබිම

විජයාවතරණයෙන් ඇරඹි ශ්‍රි ලාංකේය වංශකතාවෙ නිජ භූමිය පුත්තලම පුරවරයයි. අතීතයේදී මංගල තොටමුණ ලෙස හැදින්වූ බව ඉතිහාසගත තොරතුරැවලින් හෙලිවෙ. පුදු අලම් (අලුත්_ ලේවාය) යන දමිල වචනය සන්ධිවීමෙන් පුදුඅලම් - පුත්තලම් යනුවෙන් භාවිතයට පැමිණ ඇතැයි ජනවහරේ සදහන් වේ. විජය රජු විසින් දරැවන් සමග පිටුවහල් කරන ලද කුවෙන්‍ණිය පුත්තලම දිස්ත්‍රික්කයට ඇතුලත් ප්‍ර‍දේශ තුල ජීවත්ව සිටි බවට ඓතිහාසික සාධක ඇත. පල්ලම ප්‍රදේශය දුටුගැමුණු රජතුමාගේ ප්‍රධාන යෝධයකු වු නන්දිමිත්‍රගේ ප්‍රාදේශීය පාලනයට යටත් වූ ප්‍රදේශයකි. කල්පිටිය ඕලන්ද බලකොටුව, දෙවන ලෝක යුද්ධ සමයේදී භාවිතා කල පාලවි ගුවන් තොටුපල, පාරැ ඇල දිස්ත්‍රික්කයේ පිහිටි යටත් විජිත යුගයට අයත්වන ඓතිහාසික සාධකයන්ය.

දේශගුණික ලක්ෂණ

ශ්‍රී ලංකාවට මෝසම් සුළගින් වර්ෂාපතනය ලැබෙන අතර එය ප්‍රධාන කාල දෙකකට අදාල වන අතර වර්ෂාපතන ව්‍යාප්තිය අනුව කලාප දෙකකට වෙන් කළ හැකිය. එනම් මා ඔය සිට දැදුරු ඔය දක්වා තෙත් කලාපීය ලක්ෂණ ද, දැදුරු ඔය සිට උතුරු සීමාව වියළි කලාපීය ලක්ෂණ ද වශයෙනි.

උෂ්ණත්වය

උෂ්ණත්වය දෙස බැලීමේදී දැදුරු ඔයට මායිම් වන දකුණු කොටසේ සාමාන්‍ය උෂ්ණත්වයක් හා උතුරු කොටසේ වියළි උෂ්ණත්වයක් දැකිය හැකි අතර කල්පිටිය ප්‍රදේශයේ දැඩි වියළි දේශගුණීක ලක්ෂණ පෙන්නුම් කරයි.

පුත්තලම දිස්ත්‍රික්කය සරුසාර කරමින් දැදුරු ඔය, බත්තුලු ඔය, මී ඔය, රතඹලා ඔය හා මා ඔය ගලා බසින අතර දේශගුණික කලාප 3 ක් වශයෙන් වෙන්කර හදුනාගත හැකිය. කල්පිටිය ප්‍රදේශයේ ශුෂ්ක කලාපීය ලක්ෂණ පේන්නුම් කරනු ලැබේ.

 

 
     
Home Contact Us DS Portal Tamil English