පුවත් පතක්.... පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් මාධ්‍යය ඒකකය මගින් තම්බපන්නි පුවත් යන නමින් ත්‍රෛයිමාසික පුවත්පතක් ප්‍රකාශයට පත් කර ඇති බව මාධ්‍යය ඒකකයේ පුවත්පත් නිලධාරි ජේ.එච්.ශ්‍රියානි මහත්මිය ප්‍රකාශ කරන ලදි. දිස්ත්‍රික්කයේ වේගෙයන් සිදුවෙමින් පවතින සංවර්ධනය ක්‍රියාදාමය දිස්ත්‍රික්කයේ ඓතිහාසික තොරතුරැ දිස්ත්‍රික්කයේ විවිධ සම්පත් පිළිබද ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම පුවත්පත පළ වෙන අතර එම පුවත්පතේ ලිපිනය මෙසේය. සංස්කාරක , තම්බපන්නි පුවත් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දුරකතනය 032-2265477
|