කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  
 
 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

භෞතික පසුබිම
 


        කොළඹ දිස්ත්‍රික්කයේ භෞතික පිහිටීම කදුකර, තැනිතලා හා වගුරු සහිත යන ලක්ෂණයන්ගේ සම්මිශ්‍රණයකි. දිස්ත්‍රික්කයේ උතුරු දකුණු ප්‍රදේශයන් කදුකර ලක්ෂණ සහිත වන අතර නැගෙනහිර හා ගිණිකොණ ප්‍රදේශයන් වගුරු සහිත භූමියෙන් සීමා වී ඇත. කොළඹ නගරය තුළ බොහෝ ඇල මාර්ග පවතින අතර නගර මධ්‍යයේ  බේරේ වැව පිහිටා ඇත. කොළඹ දිස්ත්‍රික්කය උතුරින් , ඊශාන දිගින් කැළණි ගගින් මායිමි වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ  වර්ග ප්‍රමාණය - වර්ග කිලෝමීටර 675

කොළඹ දිස්ත්‍රික්කයේ සීමාමායිම්

උතුරින්         -      කැළණි ගඟ (ගම්පහ)
දකුණින්        -      පානදුර බොල්ගොඩ ගඟ (කළුතර)
බස්නාහිර     -      මුහුදු තීරය
නැගෙනහිර  -      සබරගමු පළාත් මායිම

දේශගුණය

කොළඹ දිස්ත්‍රික්කයේ දේශගුණය සාමාන්‍යයෙන් වර්ෂය පුරා සමශීතෝෂ්ණ ස්වභාවයේ පවතී. මාර්තු, අප්‍රේල් කාලයේදී උපරිම සාමාන්‍ය උෂ්ණත්වය 31 oC (88 oF) පමණ වන අතර දිස්ත්‍රික්කයේ අවම සාමාන්‍ය උෂ්ණත්වය 22 oC (72 oF) පමණ වේ. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන දේශගුණික විපර්යාසය ඇති වන්නේ මැයි සිට අගෝස්තු දක්වාත් ඔක්තෝබර් සිට ජනවාරි දක්වාත් මොස්ම් කාලගුණ තත්වයන් පවතින විටදීය. මෙම කාලයේදී අධික වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකිය. වාර්ෂික වර්ෂාපතනය ආසන්න වශයෙන් මි.මී.2400 පමණ වේ.


 
 
 
ඵෙතිහාසික පසුබිම


ක්‍රි.ව 1412 දී ඇරඹුණු කොළඹ කේන්ද්‍ර කොටගත් රාජධානියේ අගනුවර වූයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේය. ක්‍රි.ව 1551 න් පසු ලංකාවේ පෘතුගීසි බලය වර්ධනය වූ අතර බුවනෙකබාහු රජුගේ මරණයෙන් පසු කොළඹ නගරය පෘතුගීසි පාලන සංවිධානයේ කේන්ද්‍ර ස්ථානය විය.

පෘතුගීසි ආධිපත්‍යය පැවති කාලය තුළ ඔවුන් විසින් සිය පරිපාලන හා දේශපාලන කේන්ද්‍රස්ථානය කරගනු ලැබුවේ කොළඹ නගරයයි. කොළඹ වරාය ප්‍රධාන නාවුක මධ්‍යස්ථානය කරගත් ඔවුහු  කොළඹ කොටුව ප්‍රාදේශීය පාලන මධ්‍යස්ථානයක් ලෙසත් පිටකොටුව ජනාවාස ප්‍රදේශයක් ලෙසත් යොදා ගත්හ. 1833 දී ඉංග්‍රීසින් විසින් කොළඹ නගරය දිවයිනේ අගනුවර ලෙස ප්‍රකාශයට පත් කරන ලද බව ඉතිහාසයේ සඳහන් වේ.

යුරෝපීයයන්ගේ ආගමනයෙන් පසු ස්වභාවිකව පිහිටි කොළඹ වරාය වාණිජ්‍ය කටයුතු සඳහා භාවිතා වීමත් සමඟ කොළඹ නගරය සියවස් ගණනක ඈත ඉතිහාසයට එක්වෙයි. මෙම දිස්ත්‍රික්කයේ පිහිටි කෝට්ටේ හා සීතාවක ඉපැරණි රාජධානි වු ඵෙතිහාසික සිද්ධස්ථාන රාශියකි. කොරතොට රජමහ විහාරය, කෝට්ටේ රජමහ විහාරය, නවගමුව පත්තිනි දේවාලය ඒ අතර ප්‍රධාන වේ.

පාදුක්ක උග්ගල් කන්දේ පිහිටි බ්‍රාහ්මි අක්ෂරයයි සැලකෙන සෙල්ලිපි  දිස්ත්‍රික්කයේ ඵෙතිහාසික වැදගත් කම තීව්‍ර කරයි.

ශ්‍රී ලංකාවේ අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරය ද, ප්‍රධාන වාණිජ නගරය වන කොළඹ නගරය ද, හංවැල්ල, පාදුක්ක වැනි  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ඉතා ග්‍රාමීය ප්‍රදේශ ද කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබීම විශේෂ ලක්ෂණයකි.

ලංකාවේ වැඩිම ජනගහනය වන 2145348 සිටින දිස්ත්‍රික්කය වන කොළඹ දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13කට බෙදා ඇති අතර ඒවායේ කටයුතු කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සම්බන්ධීකරණය කොට මෙහෙයවීම සිදුකරනු ලබයි.

 
 
 
   
 
 
 
Home Contact Us DS Portal English Tamil