කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  
 
 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

ප්‍රවෘත්ති සහ සිදුවීම්
 

 

1) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට වෙබ් අඩවියක්

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.

මෙම වෙබ් අඩවිය අගෝස්තු මස පළමුවැනිදා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය කරු ජයසූරිය මහතාගේ අතින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය පිළිබඳ ජාතික මට්ටමින් වැදගත් වන සම්පූර්ණ විස්තර  මෙම වෙබ් අඩවියට ඇතුළත් කර ඇත.

 

2) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ තුල සියළු පහසුකමින් යුත් නැණසල මධ්‍යස්ථානයක්

අග්‍රාමාත්‍ය කාර්යාලය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නවේදන තාක්ෂණ නියෝජිත ආයතනය එක්ව ක්‍රියාත්මක කරනු ලබන නැණසල මධ්‍යස්ථාන 1000 ක් ඉදිකරලීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේද ජූලි 31 දා නැණසල මධ්‍යස්ථානයක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය කරු ජයසූරිය මහතාගේ අතින් විවෘත කිරීමට නියමිතය.

තදාසන්න ප්‍රදේශවල අඩු ආදායම් ලාභී ජනතාවට තාක්ෂණය පිළිබඳ දැනුම ලබා දීම පිණිස කොළඹ දිස්ත්‍රික්කයට  ද මෙවැනි මධ්‍යස්ථානයක් අවශ්‍ය බවට කොළඹ දිස්ත්‍රික් ලේකම් ජී.ඒ.ජේ සිල්වෙස්ටර් මහතා රජයෙන් කළ  ඉල්ලීම පරිදි කොළඹ වේල්ල වීදියේ පිහිටි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍ර‍ෙය් අළුතින් ඉදිකළ නව ගොඩනැගිල්ලක  මෙම නැණසල මධ්‍යස්ථාන ස්ථාපිත කෙරේ.

 

3) කොළඹ පුවත්

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් මාධ්‍යය ඒකකය මගින් කොළඹ පුවත් යන නමින් ත්‍රෛයිමාසික පුවත්පතක් ප්‍රකාශයට පත් කිරීම සඳහා  දැනටමත් මූලික කටයුතු සියල්ලම අවසන් කර ඇතැයි එම අංශ බාර දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිළධාරිනි නුරුල් අයින් හුසෙයින් මහත්මිය  සඳහන් කරයි.

දිස්ත්‍රික්කයේ වේග‍ෙයන් සිදුවෙමින් පවතින සංවර්ධනය ක්‍රියාදාමය ගැන ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම පුවත්පත පළ වෙන අතර එම පුවත්පතේ ලිපිනය මෙසේය.

සංස්කාරක
කොළඹ පුවත්
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
වේල්ල වීදිය
කොළඹ 12

දුරකතනය 2381267
ෆැක්ස් 2381267  ,  2437242

 

 
 
   
 
   
 
 
 
Home Contact Us DS Portal English Tamil