මුල් පිටුව | පුවත් හා සිදුවීම් | ප්‍රධාන පිටුව | දිස්ත්‍රික් ලේකම් කාර්යාල
 
 
දිස්තිකය :
 
 
   
 

වඩා කාර්යක්‍ෂම හා ඵලදායී අන්දමින් උපත්, විවාහ සහ මරණ සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලියේ තවත් පියවරක් සම්පූර්ණ කෙරේ. මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උප්පැන්න සහතික අට ලක්‍ෂයක් පරිගණක ගත කිරීම අවසන් කල බව ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා ‍තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

නියෝජිතායතනයේ “ඉ-ප්‍රාදේශිය ලේකම් කාර්යාල” ව්‍යාපෘතිය යටතේ මෙම උපත්, විවාහ සහ මරණ සහතික පරිගණක ගත කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබේ. මෙමගින් අදාල සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලිය කාර්යක්‍ෂම වන අතර විනාඩි පහක පමණ කාලයකින් පුරවැසියන්ට අවශ්‍ය සහතික නිකුත් කිරීමට ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හැකි වන බව රාජ්‍ය අංශ ප්‍රතිනිර්මාණ වැඩසටහනේ, අධ්‍යක්‍ෂ වසන්ත දේශප්‍රිය මහතා පැවසීය.

මේ අනුව දිවයිනේ වැඩිම උපත් හා මරණ සංඛ්‍යාවක් ලේඛන ගතවන තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අද (2007-04-23) සිට ඩිජිටල් තාක්‍ෂණය භාවිතයෙන් උපත්, විවාහ හා මරණ සහතික නිකුත් කිරීම ආරම්භ කරන බව ප්‍රාදේශීය ලේකම් ඩබ්.එන්.ආර්.ඩී. විජේපාල මහතා කියයි. දැනට තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පමණක් උපත් ලක්‍ෂ තිහක් සහ මරණ ලක්‍ෂ හයක් ලියාපදිංචි වී ඇති අතර එම කාර්යාලයේ ලියාපදිංචි කර ඇති විවාහ සංඛ්‍යාව ලක්‍ෂ අටකි. මෙම ලේඛන සියල්ල පරිගණක ගත කිරීමට ව්‍යාපෘතිය තුලින් අපේක්‍ෂා කෙරේ.

ව්‍යාපෘතිය යටතේ අදාල ලේඛන ආරක්‍ෂිතව දීර්ඝ කාලයක් පරිගණක උපයෝගී කර ගනිමින් ගබඩා කිරීමට හැකි වීම නිසා රජයට මෙන්ම පුරවැසියන්ටද විවිධ ප්‍රතිලාභ හිමිවන බව නියෝජිතායතනයේ සභාපති, මහාචාර්ය වී.කේ. සමරනායක මහතා පෙන්වා දෙයි.